Ads 468x60px

.

දරුවා දුන් උක් දණ්ඩ ඉවත දැමූ ඇතා ආපසු විත් දරුවාටම අරන් දීලා

මේ දෙවිනුවර ශ‍්‍රී විශ්ණු උපුල්වන් මහා දේවාලයේ පළමු පේලි පෙරහැර වීථි සංචාරය කල අවස්ථාවයි. පෙරහරු දැකබලා  ගැනීමට පැමිණි වයස අවුරුදු පහක් පමණ වයසැති කුඩා දරුවෙකු එහි ගමන් ගත් ඇතෙකුට උක් දණ්ඩක් දීමට ඉදිරිපත් විය.

ඇත් ගොවුවා එය ඇතාටම කවන ලෙස කීවේය. ඒ අනුව දරුවා උක් දණ්ඩ ඇතාගේ හොඬවැල වෙත දිගු කලේය. එය ආහාරයට ගැනීම ප‍්‍රතික්‍ෂෙප කල ඇතා උක් දණ්ඩ බිම දමා ඉදිරියට ගමන් කලේය. ඉන්පසු දරුවා පිරිස අතරින් නොපෙනී ගියේය.
නැවත අඩි කිහිපයක් පිටුපසට පැමිණි ඇතා බිම දමන ලද උක් දණ්ඩ නැවත වරක් හොඬවැලට ගෙන කවුරුන්දෝ හොයන්නට විය. ඉතා ක්‍ෂණයකින් සෙනඟ අතර සිටි උක් දණ්ඩ සොයා ගත් ඇතා යළි එම දණ්ඩ හොඬවැල දිගු කොට දරුවාටම දුන්නේය.
ඇතාගේ ඒ කරුණාවන්ත භාවය අවට සිටි සියල්ලෝම කතාබහ කරන්නට විය.
 
Related Posts with Thumbnails