Ads 468x60px

.

සූර්වී වාහනයක් පැද අනතුරක් කළ හිමිනමට දඩ

මත්පැන් පානය කර වෑන් රථයක් පදවා අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් වරද පිළිගත් චීවරධාරියකුට කුරුණෑගල ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් බුද්ධික ශ‍්‍රී රාගල මහතා රුපියල් විසිපන් දහස් පන්සීයක දඩයක් නියම කළේය.

මීට අමතරව සැකකාර හිමිනම පිළිබඳව බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා වෙත දන්වා යවන ලෙස ද අධිකරණ රෙජිස්ට‍්‍රාර්වරයාට නියෝග කළේය.

කුරුණෑගල නගරයේ වැව පාරේ වෑන්රථයක් ධාවනය කරමින් තවත් වෑන් රථයක ගැටී අනතුරක් සිදු කිරීම සම්බන්ධයේ පොලිස් අත්අඩංගුවට ගත් හිමියන් ගෙන් මද්‍යසාර ගඳ වාහනය වීම නිසා, කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයකුට ඉදිරිපත් කිරීමෙන් පසු එය තහවුරු වූ බවත්, කුරුණෑගල පොලිසියේ රථවාහන අංශයේ උප පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. එම්. නවරත්න මහතා අධිකරණය හමුවේ කියා සිටියේය.
අදාළ මෝටර් රථය රක්ෂණ සහතිකය, ආදායම් බලපත‍්‍රය හා රියැදුරු බලපත‍්‍ර නොමැතිව රිය ධාවනය කර අනතුරක් සිදුකර ඇති බව උප පොලිස් පරීක්ෂක නවරත්න මහතා අධිකරණයට දැන්වීය.

හිමිනම දියවැඩියාව රෝගියෙක් බැවින්, අරිෂ්ඨ හා කසාය සිංහල බෙහෙත් පාවිච්චි කරමින් සිටින නිසා මද්‍යසාර ශරීරගතව ඇති බව විත්තිකාර චීවර ධාරියා වෙනුවෙන් අධිකරණයට කරුණු දැක්වූ නීතිඥ පි‍්‍රයංකර ඩයස් මහතා සඳහනි කළේය.

රියැදුරු හදිසියකට රථයෙන් බැස ගිය පසු වෑන් රථය පාරෙන් ඉවත් කිරීමට උත්සාහ දැරීමේ දී අනතුර සිදු වූ බවත් නීතිඥ ඩයස් මහතා පැවැසීය.

විත්තිකාර හිමිනම කුරුණෑගල නගරයට ආසන්න විහාරස්ථානයක වැඩ වසන බවනීතිඥ මහතා අධිකරණයට දැන්වීය.
 
Related Posts with Thumbnails