Ads 468x60px

.

තේ දළු නෙළන කාන්තාවන්ට බැල්මදාන තවත් ග්‍රීස් යක්කු දෙන්නෙක්

හැටන්-කොටගල ප්‍රදේශයේ මේෆීල්ඩ් වත්තේ තේ දළු නෙළමින් සිටි කාන්තාවකගේ මුහුණට යම් ද්‍රවයක් ස්ප්‍රේ කොට ඇය පැහැරගෙන යාමට තැත් කළ පුද්ගලයෙකු සොයා පොලීසිය විසින් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

අද පෙරවරුවේ කළු ඇඳුමින් සැරසුණු මුහුණු ආවරණය කරගත් කිසියම් පුද්ගලයෙකු තේ දළු නෙළමින් සිටි මෙම ස්ත්‍රීයගේ මුහුණට යම් ද්‍රවයක් ස්ප්‍රේ කර ඇති බවත්,ඇයගේ කෑගැසීම නිසා සෙසු පිරිස් වහාම දිව ඒමෙන් ඇයට සමීප වූ පුද්ගලයා පලාගොස් ඇත.

එහෙත් සිද්ධියෙන් සිහිවිසඥ වූ අදාළ කාන්තාව කොටගල දිසා රෝහලට ඇතුළත් කර ඇති බවත්,පතන දිඹුල්ල පොලීසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකරන බවත් අද දෙරණ වාර්තාකරු කියා සිටියි.

එසේම නුවරඑළිය,ලිඳුල පොලිස් වසමේ සලාංකන්ද තේ වත්තේ අද 10.30 ට පමණ තේ දළු නෙළමින් සිට තේ පානය සඳහා ගිය තරුණියක යළි තේ දළු නෙළීම සඳහා එමින් සිටියදී කළු ඇඳගත් මුහුණු ආවරණය කරගත් දෙනෙකු විසින් ඇය පැහැරගෙන යාමට උත්සාහ කර තිබේ.

එහිදී සිදුවූ පොරබැදීමෙන් තරුණිය තුවාල ලබා ඇති අතර තම උත්සාහය ව්‍යර්ථ වූ පසු නාදුනන දෙදෙනා ඇයගේ කෙස් කළඹෙන් කොටසක් කපාගෙන ගොස් ඇතැයි වාර්තා වේ.

ලිඳුල පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
 
Related Posts with Thumbnails