Ads 468x60px

.

අනියම් සැමියා සමඟ එක්වූ මව හත් හැවිරිදි දියණියගේ දිව කපලා

තම අනියම් සැමියා සමඟ එකතු වී තම ලෙයින් උපන් 7 හැවිරිදි දුවගේ දිව නියපොතු කපන කටරයකින් කපා දෙපා පුළුස්සා වධ හිංසා කළ ඇරැව්වල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් පිළිබඳ පුවතක් මහරගම පොලිසියෙන් වාර්තාවේ.
මෙම කාන්තාව විදෙස් රැකියාවකට ගොස් ඉන්දියානු ජාතිකයෙක් සමඟ විවාහ වී කලකට පෙර ශ්‍රී ලංකාවට පැමිණ ඇත. පසුව එම කාන්තාව සහ දියණිය හැර දමා ඉන්දියානු සැමියා ආපසු විදෙස්ගතව ඇත.
 
නීති විරෝධී මත්පැන් විකිණීම ජීවනෝපාය කරගෙන ඇති ඇය අනියම් සැමියෙකුගේ ද ඇසුරට වැටී ඇත. ඇයගේ දුව මේ පිළිබඳව ඇගේ ආච්චිට (කාන්තාවගේ මවට) එළිදරව් කිරීම නිසා උරණ වූ කාන්තාව සහ අනියම් සැමියා මේ දැරියට නිතර වධ හිංසා පැමිණ වූ බව ආච්චි විසින් මහරගම පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව කාන්තාව පොලිස් භාරයට ගෙන ඇත.
 
මෙයට සම්බන්ධ කාන්තාවගේ අනියම් සැමියා අත්අඩංගුවට ගැනීමට මහරගම පොලිසිය මෙහෙයුමක් අරඹා ඇත.
 
මහරගම පොලිසියේ ස්ථානාධිපති අනුරාධ මහින්දසිරි මහතාගේ උපදෙස් පරිදි සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපති සුජීව සොයිසා සහ කාන්තා පොලිස් කොස්තාපල් (2019) ශාන්ති යන අය මෙහෙයුම සිදුකළහ. සැකකාරිය අද (2) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
 
Related Posts with Thumbnails