Ads 468x60px

.

ගණිකා වෘත්තියේ යෙදන නිළියන් සෙවීමට ආවේක්‍ෂණ පොලිස් නිලධාරීන් යොදා මෙහෙයුම්

තරුණ නිළියන් ගණිකා වෘත්තියේ යෙදවීමේ ව්‍යාපාර සම්බන්ධ පිළිබඳව තොරතුරු රාශියක් සහ ඔවුන් ගැවසෙන ස්ථානයන් සම්බන්ධයෙන් තොරතුරු පොලීසියට අනාවරණය කර ගැනීමට හැකිව ඇතැයි වාර්තාවේ.

එම තොරතුරු ඔස්සේ මේවන විටත් පොලිස් විමර්ශන ආරම්භ කර තිබේ.
ඒ අනුව ආවේක්‍ෂණ (සිවිල් ඇදුමෙන් සැරසුනු) පොලිස් නිලධාරීන් යොදා ගනිමින් එම ස්ථාන සෝදිසි කිරීමේ මූලික මෙහෙයුම් දැනටමත් ක්‍රියාත්මක කර ඇති අතර එම කටයුතු නිවැරදි ලෙසින් අනාවරණය කර ගැනීමේ පසු අදාළ වැටලීම් සහ අත්අඩංගුවට ගැනීම් සිදු කිරීමේ සූදානමින් පොලිසිය පසුවෙති.

පසුගිය මාසයේ දී ගණිකා වෘත්තියේ නියැළි ටෙලි නාට්‍ය නිළියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට ද මිරිහාන පොලීසියේ විශේෂ ඒකකයේ නිලධාරීන් සමත් වූහ.

එසේම නවක ටෙලිනාට්‍ය නිළියන් ඉහළ පෙළේ පුද්ගලයින් ඇතුලු ගැනුම්කරුවන්‍ට සපයන ප්‍රධාන පෙළේ  සැකකාරියක ලෙස හඳුනාගෙන ඇති ‘සාවිත්‍රි මැඩම්’ නමැත්තිය අත්අඩංගුවට ගැනීම සඳහා ද පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මක බව වාර්තා වේ.

රාගම ප්‍රදේශයේ පදිංචිකාරියක වන ‘සාවිත්‍රි මැඩම්’ නමැති මෙම ගණිකා ජාවාරමේ ප්‍රධාන සැකකාරිය බත්තරමුල්ල, කිරුළපන සහ කොළඹ ආශ්‍රිත ප්‍රදේශවල හෝටල්වලට ටෙලිනාට්‍ය නිළියන් සහ තරුණ ගැහැණු ළමුන් සපයා ඇත්තේ ජංගම දුරකථන හරහා කලින් සැලසුම් කර ගැනීමෙන් අනතුරුව බවට ද තොරතුරු හෙළී වි තිබේ.
 
Related Posts with Thumbnails