Ads 468x60px

.

තරුණියකගේ කලව ඇල්ලූ සැකකරුවන්ට 20,000ක දඩයක්

ගාළු මුවදොර සිරි නරඹා බසයක යමින් සිටි තරුණියකගේ කලවා ප‍්‍රදේශය අතගා ලිංගික අතවර කිරීමට තැත් කර, ඇගේ ඥාති සොයුරියට පහරදුන් බවට වරද පිළිගත්  සැකකරුවන් දෙදෙනෙකුට බරපතල වැඩ සහිත තුන්වසරක සිරදඬුවම් වසර 5කට අත්හිටුවීමට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා අද (03) නියෝග කළේය.

මීට අමතර මෙසේ පහරකෑමට හා ලිංගික අතවරයට ලක්වූ තරුණියන් දෙදෙනාට රුපියල් 20,000 ක දඩයක් ගෙවන ලෙස ද මහේස්ත‍්‍රාත්වරයා නියම කළේය.
 
මෙලෙස ලිංගික අතවරයට ලක්ව ඇත්තේ අනුරාධපුර ගල්නෑව ප‍්‍රදේශයේ පදිංචි කාරියකි.

ගල්නෑවේ පදිංචිකාර තරුණිය මෝදර ප‍්‍රදේශයේ ඇඟළුම් ආයතනයක සේවය කරන අතර, ඊයේ (02) සිය ඥාති සොයුරිය ඇය බැලීමට පැමිණීමෙන් පසු ගාළු මුවදොරට ගොස් එමින් සිටියදී මෙම සිද්ධියට මුහුණ පා තිබේ.

මෙලෙස දඬුවම් නියමවූයේ බදුල්ලේ පදිංචි කැලූම් සම්පත් සමරක්කොඩි හා මැදිරිගිරියේ පදිංචි ජයන්ත ඉඳුනිල් නැමැති දෙදෙනෙකුටය.

දඬුවම් නියමවූ සැකකරුවන් දෙදෙනා පෞද්ගලික ආරක්‍ෂක සේවයක ආරක්‍ෂකයන් ලෙස සේවය කරන බවද පැවසේ.

මොවුන්ට ලිංගික අතවර කිරීම වෙනුවෙන් අවුරුදු 2 කක් ද පහරදීම සඳහා එක් අවුරුද්දක්ද වශයෙන් වසර 3ක බරපතල වැඩ සහිත සිර දඬුවම නියම කර තිබිණි.
 
Related Posts with Thumbnails