Ads 468x60px

.

‘ පෙම් සුව‘ විඳීමින් සිටි තරුණයකුට පෙම්වතියගේ මවගෙන්, ‘ බඩ කට පුරා ‘ ගුටි බැට

ඩෙංගු මර්දන නිලධරයකු ලෙස වෙස්වලාගෙන තම පෙම්වතියගේ නිවෙසට, ගොස් ඇය සමඟ ‘ පෙම් සුව‘ විඳීමින් සිටි තරුණයකුට පෙම්වතියගේ මවගෙන්, ‘ බඩ කට පුරා ‘ ගුටි බැට සංග්‍රහයත් භුක්තිවිදීමට සිදුවීමේ පුවතක් කොළඹට නුදුරු ප්‍රදේශයකින් වාර්තා වෙයි. සිද්ධිය මෙසේය.
රූබර තරුණියක සමඟ පෙමින් බැඳි සිටි මේ තරුණයාට තරුණියගේ පාර්ශවයෙන් දැඩි විරෝධයක් එල්ලවී ඇතත් තරුණයාත් තරුණියත් ඒවා ගණනකට නොගෙන පෙම් සබඳතාව දිගටම පවත්වාගෙන ගොස් ඇත.
 
මේ දෙදෙනාට එකිනෙකා හමුවීමට ඇති අවස්ථාව අඩු වී ඇත්තේ තරුණියගේ මවුපියන් ඇයට හේතුවක් නැතිව නිවෙසින් පිටවීම තහනම් කැර තිබූ බැවිනි. සති ගණනක්ම තම පෙම්වතිය නොදුටු තරුණයා පසුගිය දිනෙක රාත්‍රියේ ඇයට දුරකථන ඇමැතුමක් දුන්නේය. හෙටට සති තුනයි. ඔයාව දැක්කෙ නැහැ. මට හරිම දුකයි. මොනවද කරන්නේ පෙම්වතා පෙම්වතියගෙන් විමසීය. පෙම්වවතියට පෙම්වතා ගැන දුක සිතිනි.
හෙට අපේ අම්මා පොළට යනවා
 
ඔයා උදේ අපේ ගෙදර එන්න!! පෙම්වතිය කීවාය.
අවට කවුරු හරි දැක්කොත්? පෙම්වතා විමසුවේ තැති ගැන්මෙනි.’ එහෙම ඇහුවොත් කියන්න ඔයා ‘ ඩෙංගු මර්දන නිලධාරියෙක්’ අපේ ගෙදර ඩෙංගු කීටයෝ ඉන්නවද බලන්න ආවා කියලා.
පසුදා උදේ ජැන්ඩියට හැඳ පැළඳගත් පෙම්වතා පෙම්වතියගේ නිවෙසට ගියේය.
පෙම්වතිය කියු ආකාරයටම ඇගේ මව තම පොළට ගොසිනි.
“ යන්තම් ඇති.... ඔයා ආවා. මම මග බලාගෙන හිටියේ. අම්මත් ගෙදරින් ගියේ මේ දැන්.” පෙම්වතිය කීවාය.
 
ඉන්පසු දෙදෙනා රිසිසේ ‘ පෙම්සුව ‘ විඳිද්දි නිවෙසේ ඉදිරිපස දොරටුව හදිසියේම විවෘත විය. විවෘත වූ දොරෙන් නිවෙසට ප්‍රවිශ්ඨ වූයේ පෙම්වතියගේ මවය.
ඈ දුටු දෙදෙනා දෙපසට විසිවූයේ ඉබේටමය.
පෙම්වතා දුටු මවද කෝපාවිශ්ඨ වූවාය.
 
අනේ... අනේ .. දුවේ මං ආවේ අමතක වෙච්චි කුඩේ ගෙනියන්න. ඒ ටිකට කව්ද උඹ ගෙදරට වැද්ද ගත්ත මේ මිනිහා? යැයි ඈ විමසුවේ තර්ජනාත්මකවය.
අනේ අම්මේ.... මේ අර ඩෙංගු මර්දන මහත්තයෙක් . මෙහෙ ඩෙංගු මදුරුවෝ ඉන්නවද කියල බලන්න ඇවිත්. ඕ ගොත ගසමින් කීවාය.
 
දියණියගේ පෙම්වතා මීට කලින් දැක තිබූ මව ඔහුට අතැති කුඩයෙන් පහර දුන්නාය. අසල්වැසියන්ගේ හු හඬ මැද්දෙන් පෙම්වතා පලා ගියේය.
 
Related Posts with Thumbnails