Ads 468x60px

.

මානසික අසහනයකින් කාන්තාවකගේ දිය නාමින් සිටි දර්ශන රූගත කරමින් සිටි භටයෙකු අත්අඩංගුවට

මින්නේරිය නගරයට ආසන්න ඇළක දිය නාමින් සිටි කාන්තාවකගේ දර්ශන සිය ජංගම දුරකතනයෙන් රූගත කරමින් සිටි හමුදා භටයෙකු මින්නේරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු අත්අඩංගුවට පත්වන මොහොතේ සිවිල් ඇඳුමින් සැරසී සිටි බව පැවසේ.

සැකකරු මින්නේරිය හමුදා කඳවුරට අනුයුක්තව සේවය කරනු ලබන සෙබළෙක් බව මින්නේරිය පොලිසිය සඳහන් කළේය.

බදුල්ලේ පදිංචිකරුවෙකු වන මෙම සැකකරුගේ ජංගම දුරකතනයේ තිබී අසැබි දසුන් රාශියක් සොයාගෙන ඇති බවපැවසේ. මෙම සැකකරු යම් මානසික අසහනයකින් පෙළෙන බවට පොලිසිය සැක කෙරේ.
 
Related Posts with Thumbnails