Ads 468x60px

.

හයිපර්සොනික් යානය අතුරුදහන්

හමුදාව විසින් ඊයේ (11) කැලිෆෝනියාවේදී ගුවන්ගත කරන ලද හයිපර්සොනික් යානය අතුරුදහන් වී ඇති බව වාර්තා වේ. ෆෝල්කන් හයිපර්සොනික් ටෙස්ට් වෙහිකල් 2 (HTV-2) ලෙස නම් කර ඇති මෙම යානය, ශබ්දයේ වේගය මෙන් 20 ගුණයක වේගයෙන් ගමන් කිරීමට නිර්මාණය කර ඇත.
ඊතලයක හිසක් මෙන් නිර්මාණය කර ඇති මෙමගින් පැයක කාලයක් තුළදී ලොව  ඕනෑම ස්ථානයකට ළඟාවිය හැකි බව ඇමෙරිකානු බලධාරීන් පවසා තිබුණි.

රොකට් යානයක් සමග ගුවන්ගකිරීමෙන් අනතුරුව රෝකට්ටුවෙන් වෙන්වී තනිව ගමන් අරඹා ශාන්තිකර සාගරයට වැටෙන ලෙස ඉංජිනේරුවන් විසින් මෙම යානයේ ගුවන් පථය සකසා තිබුණි.

කෙසේ වෙතත් සාර්ථක ලෙස රොකට්ටුවෙන් වෙන් වීමෙන් අනතුරුව යානයෙන් ලැබෙන සංඥා එකවර නැති වී ගොස් ඇති බව ඇමෙරිකානු බලධාරීන් වැඩිදුරටත් පවසයි.
 
Related Posts with Thumbnails