Ads 468x60px

.

තොපේ ජනාධිපති මගේ පැටියව මරාගත්තා – ලසදා ඇතින්නගේ කතාව

මට මගේ පුතා ලැබුනේ පහුගිය ජනවාරි මාසේ 11 වෙනිදා ඒ පින්නවල අලි අනාථාගාරයේදී ඌ හරිම හුරතල් ඔබට ඔබේ දරුවෙකු ලැබුනු මුල් දවසේ ඇතිවූ හැගීම් වගේ නෙවේ අපි ජොබ් එකට යන්න කියලවත් පැටියෙක්ව වෙන් කරන සත්තු නෙවේ.
ඒ නිසාම මගේ පැටියා මගෙන් නිතරම කිරි උරා බීලා හොදට වැඩුනා. හුරුතලේ බෑ. ඇත්තටම දරුසුරතල් කොච්චර ලස්සනද මම වාසනාවන්ත අම්ම කෙනෙක් විදියට පින්නවල අලි අනාථාගාරයේ මහත්වරුන්ට ස්තුති කර කර හිටියා. කොච්චර නම් සතුටද ඒ සතුට එහෙම වැඩිකල් තියා ගන්න බැරි වුනා. තොපේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ඇවිත් මාව උගේ අපල යන්න කියලා දෙවිනුවර විෂ්ණු දේවාලයට පූජා කළා.

මගේ පැටියා මගෙන් මේ අමනුස්සයන් වෙන් කලා. පසුව මට දැනගන්න ලැබුනා. මගේ පුතා මගෙන් වෙන් වීම විද දරාගන්න බැරුව මියගියා කියලා. මේක පොළොව නුහුල්ලන අපරාධයක්. මගේ දරුවා මගෙන් වෙන් උනු ගමන් අඩා වැලපිලා තියෙනවා. පස්සේ අනාථාගාරයේ මහත්වරු කිරි දෙන්න හදලා තියෙනවා ඒත් මගේ දරුවව ඒව්වා බීලා නෑ. මෙහෙම විස්සෝපෙන් ඉදලා පස්සේ විජලනයට ඇවිත් දරුවට පාචනේ හැදිලා තමයි මිය ගිහින් තියෙන්නේ මගේ රත්තරං දරුවව මගේ ලග හිටියා නම් මෙහෙම වෙන්නේ නෑ. එකෙකුගේ තියෙන අපලයකට මගේ දරුවව බිලිගත්තා.

උගේ අපලයට කිරි තියෙන ඇතින්නක්ලූ පූජා කරන්න ඕන වෙලා තියෙන්නේ ඉතිං දෙයියනේ මම කියන්නේ උඹලගේ වර්ගේ කිරි තියෙන එකෙක්ව පූජා කරා නම් නේ හොද තොපේ දෛවඥයොත් මිනිස්සු බේරලම තමයි වැඩ කරන්නේ. කොහොම උනත් මට මගේ දරුවව නැති වුනා. මේකට මුළු මනුස්ස සන්හතියම වග කියන්න ඕනේ ඒත් ඉතිං ලංකාවේ මිනිස්සුන්ට වගේ වගක් නෑ. උඹලා උඹලගේ නායකයින් කරන ඕනම තිරිසන් වැඩක් දොහොත් මුදුන් දීලා අනුමත කරන එවුන් නේ. මගේ දරුවව නැති කළාට උඹලගේ මහ එකාට සාප වේවා එච්චරයි මට කියන්න තියෙන්නේ. ’’
































 

 
Related Posts with Thumbnails