Ads 468x60px

.

බිරිය රට යවා දියණියට හදි කළැයි රිමාන්ඩ් භාරයේ සිටි පියාට ඇප

සිය බිරිඳ විදේශ රැකියාවක් සඳහා පිටත් කළ තැනැත්තකු එම නිවසේ සිටි 15 හැවිරිදි දියණියට අතවර කිරීමට තැත්කළ බවට චෝදනා කැර රක්ෂිත බන්ධනාගාර කළ තැනැත්තා අදාළ පොලිස් පරීක්‍ෂණවලින් පසුව ඉදිරිපත් කරන ලද අපරාධ වාර්තා සලකා බැලූ මාවනැල්ල මහේස්ත්‍රාත් හා දිසා විනිසුරු ශ්‍රීනිත් විජේසේකර මහතා විසින් පෞද්ගලික ඇපයක් මත මුදා හරින ලදී.
අරණායක පොලිස් ස්ථානාධිපති පාදෙණිය බණ්ඩාර මහතා විසින් අරණායක මාවතගොඩ සංචාරක අධිකරණයේ විනිසුරුවරයා වෙත අදාළ සැකකරු ඉදිරිපත් කිරීමෙන් පසු මෙසේ ඇප මත මුදා හැරියේ ලිංගික අපරාධයකට ලක්වූ බවට තොරතුරු ලැබීමෙන් පසුව එම තරුණ දියණිය වෛද්‍ය පරීක්‍ෂණයකට ලක් කොට ඉදිරිපත් කළ තොරතුරු මතින් එවන් සිද්ධීන් තහවුරුව නොමැති නිසා බවද හෙළිවිය.

මෙහිදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සරත් බණ්ඩාර මහතා අධිකරණය අමතමින් මෙම සැකකරු එවන් කාමුක අපරාධයක් තම දියණියට සිදුකර ඇති වග වෛද්‍ය වාර්තාවලින් තහවුරුව නොමැති නිසා සැකකරුට ඇපදිය හැකි බව අධිකරණයේදී සඳහන් කැර සිටියේය.

එහිදී සැකකරුට අවවාද කැර මෙවන් චෝදනාවක් ඉදිරිපත්ව ඇතත් එය තහවුරුව නොමැති නිසා තමන් ඇප පිට මුදා හරිනු ලබන වග සැකකරුට දන්වා සිටියේය. පොලිස් පරීක්‍ෂණ මෙහෙයවන ලද අරණායක පොලිසියේ අපරාධ මෙහෙයුම් අංශයේ පො. ප. වෝල්ටර් මහතා ද මෙහිදී අධිකරණය අමතමින් 15 හැවිරිදි තරුණිය පිළිබඳව කරන ලද වෛද්‍ය පරීක්‍ෂණවලදී ඇයට ලිංගික අපරාධයක් සිදුව නැති වග හෙළිදරව් වන නිසා සැකකරු මුදා හැරීම පිළිබඳව පොලිසියේ විරුද්ධත්වයක් අධිකරණය වෙත ඉදිරිපත් නොකරන වගද කීය.

මෙහිදී වයස අවු. 15ක දියණිය පියා වෙත බාර නොදී යුද හමුදා සේවයේ යෙදී සිටින බාල සහෝදරයා වෙත බාර දී ඊළඟ දිනට අධිකරණය හමුවට කැඳවාගෙන එන ලෙසට ද විනිසුරු ශ්‍රීනිත් විජේසේකර මහතා නියෝග කළේය.
 
Related Posts with Thumbnails