Ads 468x60px

.

මවගේ අනියම් සැමියා දුවත් එක්ක පැටලිලා

අවුරුදු කිහිපයක් තිස්සේ කාන්තාවන් හතර දෙනකු අනියම් බිරියන් වශයෙන් තබා ගෙන අනඟ රැඟුම් පෑ පුද්ගලයකු එක කාන්තාවකගේ දියණියක්ද අඹුකමට තබා ගැනීමේ සිද්ධියක් ගැන පාණදුර පොලිසියේ උප පොලිස් පරීක්‍ෂක එස්. අනවරත්න මහතා පරීක්‍ෂණ පැවත්විය.
අත්අඩංගුවට ගත් පුද්ගලයා පාණදුර මහේස්ත්‍රාත් ආර්. එස්. ඒ. දිසානායක මහතා විසින් රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලදී.
මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත්තේ ඔහු සමඟ ජීවත් වූ අනියම් බිරියක් විසින් පාණදුර පොලිසියට කරන ලද පැමිණිල්ලක් ගැන පරීක්‍ෂණ පැවැත්වීමෙන් පසුවය.
 
පාණදුර පොලිස් ප්‍රදේශයේ නිවෙසක කාන්තාවක් පොලිසියට දන්වා සිටියේ ඇය පදිංචි නිවෙසින් ඇයව පන්නා දැමීමට අනියම් සැමියා සහ දියණිය උත්සාහ ගන්නා බවය.
මෙම සිද්ධිය ගැන පරීක්‍ෂණ පවත්වන විට මෙම පුද්ගලයා දිවයිනේ ප්‍රදේශ කිහිපයකදී කාන්තාවන් අනියම් බිරිය වශයෙන් තබා ගෙන ඔවුන්ද දරුවන් ලබා දී ඇති බවය.
 
බිරියන් හතර දෙනකුට අනියම් පෙම්සබඳතාවය නිසා දරුවන් පස් දෙනෙක් සිටිති. ඔවුන් මෙම පුද්ගලයාට එරෙහිව නඩත්තු නඩු මහේස්ත්‍රාත් අධිකරණවලදී පවරා ඇත.
මෙම පුද්ගලයා අධිකරණය මඟ හරින නිසා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර ඇති බව උප පොලිස් පරීක්‍ෂක අනවරත්න මහතා පැවැත්වූ පරීක්‍ෂණයේදී අනාවරණය විය. සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණි.
ඔහු රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට පාණදුර මහේස්ත්‍රත්වරයා තීරණය කළේය.
 
Related Posts with Thumbnails