Ads 468x60px

.

කන්තලේටත් ග්‍රීස්‌ යකුන්ගේ බියක්‌

පසුගිය දින කීපය පුරාම මුළු කන්තලේ පුරවරයම භූත හා ග්‍රීස්‌ යකුන්ගේ භීතියෙන් ඇලලී සවස 6 වන විට ස්‌ත්‍රී පක්‍ෂය නිකමටවත් එළියට පහළියට නොබසින තත්ත්වයක්‌ උදාවී ඇති බව දක්‌නට ඇත.
දිනපතාම උදැසන අවදිවන විට අසන්නට ලැබෙන්නේ අහවල් ගමේ අහවලාගේ නිවසට පැනලා නැතිනම් ජනේලය ළඟ ඉඳලා දුවලා යන භූත කථාය. පෙරේදා (10 වැනිදා) කන්තලේ වැව්සිරිගම ප්‍රදේශයේ නිවසකට රාත්‍රි 8.30 ට පමණ කඩාවැදී ඇති ගී්‍රස්‌ යකෙකු එම කාන්තාව එළියට බසිද්දී එකවරටම කොණ්‌ඩය අල්ලාගෙන පපුව සූරා ඇති අතර හැඩි දැඩි එම තරුණ කාන්තාව භූතයාට පයින් ගසා කෑ ගැසීමෙන් පසු පලාගොස්‌ ඇත. පලායන භූතයා පසුපස විශාල පිරිසක්‌ පැන්නුවද අල්ලා ගැනීමට නොහැකිවී ඇත.

මෙම සිද්ධියෙන් පසු හා ඒ අවට නිතර නිතර භූතයන් හා ග්‍රීස්‌ යක්‌කු පනින බවට ගම්වාසීන් පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු පසුගියදා එහි ගම්වාසීන් හා පොලිසිය අතර සාකච්ඡාවක්‌ද පැවැත්වූ අතර එම ගම්මැදිකොට පොලිස්‌ මුරපොළක්‌ පිහිටුවීමට තීරණය කොට ඇත.
 
Related Posts with Thumbnails