Ads 468x60px

.

පරණ පෙම්වතිය හරස් වී කසාදෙත් කැඩිලා

විවාහ මංගල්‍යයකට පැමිණි මනාලයා ඇතුළු ඥාතිපිරිසකට මනාලයාගේ පරණ පෙම්වතිය මගරැක ඇතිවූ බහින්බස් වීමක් නිසා විවාහ මංගල්‍යය අතර මැද නැවතී කසාද සහතිකයේ අත්සන් කරනවා වෙනුවට පොලිස් පොතේ අත්සන් කර ආපසු නිවෙස්වලට යාමට සිදුව ඇත.

කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි මේ තරුණයා එම ප්‍රදේශයේම පදිංචි මෙම තරුණිය සමග ප්‍රේම සබඳතාවයක් පවත්වාගෙන ගොස් ඇත. මෙම දෙදෙනාගේ හඳහන් බැලවූ තරුණියගේ මව එය නොගැලපෙන නිසා මෙම ප්‍රේම සම්බන්ධතාව නවත්වන ලෙසට තරුණියට පවසා ඇත. එහෙත් මෙම සබඳතාව හොර රහසේ පවත්වාගෙන ගොස් ඇත.
 
පසුව මෙම තරුණයාගේ මව්පියන් තුංතොට ප්‍රදේශයේ තරුණියකට විවාහ කරදීමට තීරණය කර ඇත. ඒ අනුව මනාලයා ඇතුළු ඥාති පිරිසක් තුංතොට බලා වාහනයකින් පිටත්ව ඇත. ඒ අතරතුර පරණ පෙම්වතියට ඇයගේ යහළුවෙක් දුරකථන ඇමතුමක් දී මෙම විවාහය කරන බව පවසා ඇත. ඒ අනුව තරුණිය වෑන් එකක් රැගෙන තරුණයා ගිය වාහනය පසුපස හඹාගොස් දැදිගම කොටවෙහෙර අසල දී වාහනය හරස්කර මනාලයාගේ වාහනය නවතා ඇත.
 
එහිදී දෙපාර්ශ්වය අතර බහින්බස් සිදුවේද්දී දැදිගම පොලිස් නිලධාරීන් දෙදෙනකු මේ සිද්ධිය දැක පාර්ශ්ව දෙකම දැදිගම පොලිසියට කැඳවාගෙන එන ලදී. පසුව තුංතොට මනාලියගේ නිවසේ ඥාතීන්ද පොලිසියට කැඳවාගෙන විත් පරීක්ෂණ පවත්වන ලදී.
 
එහිදී තුංතොට මනාලියගේ ඥාතීන් විසින් මෙම විවාහ මංගල්‍යය ප්‍රතික්ෂේප කරන ලදී. තරුණයාට පරණ පෙම්වතිය විවාහ කරදීමටත් ඇයගේ මාපියන් එහිදී විරෝධය දක්වා ඇත. පසුව මෙ තරුණයා තරුණියන් දෙදෙනාම අහිමිවීම නිසා හැඬු කඳුළින් ඔහුගේ ඥාතීන් සමග පොලිසියෙන් පිටමන් වී ඇත.
.
 
Related Posts with Thumbnails