Ads 468x60px

.

ගී‍්‍රස් යක්කු ජරමරෙන් දෙදෙනෙක් මරුට

ගී‍්‍රස් යකුන්යැයි සැක කළ පුද්ගලයින් දෙදෙනෙකු හපුතලේ වත්තක කම්කරුවන් පිරිසක් විසින් අද (11) පහරදී මරාදමා ඇතැයි වාර්තා වේ.

හපුතලේ  තොටලාගල වතු යායට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු මෙම අනතුරට මුහුණ පා තිබේ.

එම කම්කරුවන් ප‍්‍රචණ්ඩකාරීව හැසිරීම හේතුවෙන් පොලිසියටඑම වතු තුළට ඇතුළුවීමට නොහැකිවී ඇතැයි පැවසේ.

මේ අතර, හපුතලේ තේ වත්තේ කම්කරුවන්ද එහි පැමිණි පුද්ගලයෙකුට ගස් බැද පහර දී ඇත.  
අදාළ සිද්ධිය ජංගම දුරකථනයකින් වීඩියෝ කළ පුද්ගලයෙකු ද පහර කෑමට ලක්ව ඇතැයි පැවසේ.

එම ස්ථානයට ගිය පොලිස් නිළධාරියෙකුකම්කරු පිරිසේ පහර දීමට ලක්ව තුවාල ලබා දියතලාව රෝහලට ඇතුළත් කර ඇති බවමේ අතර වාර්තා වේ.
 
Related Posts with Thumbnails