Ads 468x60px

.

පාතාලයේ 'නේවි අසංක' අත්අඩංගුවට ගැනේ

මිනීමැරුම්, කොල්ලකෑම් ඇතුළු අපරාධ ගණනාවකට සම්බන්ධ පාතාලයේ ප්‍රබලයකු බව කියන 'නේවි අසංක' නමැත්තා අතුරුගිරිය පොලිසිය මගින් ඊයේ (11 වැනිදා) සවස අත්අඩංගුවට ගෙන ඇත.

පසුගිය කාලසීමාවේ කොළඹ සහ තදාසන්න ප්‍රදේශ රැසක සිදුවූ මහා පරිමාණ කොල්ලකෑම් 50 කට ආසන්න ප්‍රමාණයක්‌ නේවි අසංක ඇතුළු පාතාල කල්ලිය විසින් සිදුකර ඇති බව පරීක්‍ෂණවලදී හෙළිවී තිබේ.

මේ අතර මෙම පාතාල නායකයා විසින් සිදුකර ඇති මිනීමැරුම් දෙකක්‌ පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇත. මෙම පාතාල කණ්‌ඩායම විශාල වශයෙන් අවි ආයුධ පරිහරණය කර ඇති අතර එම ආයුධ සොයාගැනීම සඳහා පොලිසිය පුළුල් පරීක්‍ෂණයක්‌ ආරම්භ කර තිබිණි.

එමෙන්ම මෙම පාතාල කල්ලියට සම්බන්ධ තවත් පිරිසක්‌ද අත්අඩංගුවට ගැනීමට පොලිසිය ක්‍රියාකරගෙන යයි.

නියෝජ්‍ය පොලිස්‌පති අනුර සේනානායක, නුගේගොඩ කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරි දේශබන්දු තෙන්නකෝන්, සහකාර පොලිස්‌ අධිකාරි නිශාන්ත සොයිසා යන මහත්වරුන්ගේ උපදෙස්‌ මත අතුරුගිරිය පොලිස්‌ ස්‌ථානාධිපති කපිල සේනානායක මහතා ඇතුළු නිලධාරීහු කණ්‌ඩායමක්‌ වැඩිදුර විමර්ශන සිදුකරති.
 
Related Posts with Thumbnails