Ads 468x60px

.

ටෙම්පල් ස්‌ටෝ ප්‍රදේශයේ සැරි සැරූ ග්‍රීස්‌ යකා අසුවෙයි

වටවල ටෙම්පල් ස්‌ටෝ ප්‍රදේශයේ ග්‍රීස්‌ යකෙකු යෑයි සිතා එම ප්‍රදේශයේ ජනතාව බිය වීම පිළිබඳ එම වතුයායේම පදිංචි පුද්ගලයකු සැකපිට වටවල පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.
10 වැනි දින රාත්‍රියේ වටවල ටෙම්පල් ස්‌ටෝ ප්‍රදේශයේ අංක 5 දරන කොටසේ පුද්ගලයකු සැඟව සිටින බවට එම ප්‍රදේශයේ කාන්තාවක්‌ දැකීමත් සමඟ ඔවුන් මෙම පුද්ගලයා ග්‍රීස්‌ යකෙකු යෑයි සිතා බියවී ඒ පිළිබඳ අවට පුද්ගලයන්ට දැනුම්දී ඇත.

ඒ අනුව ඔවුන් පිරිසත් එම ස්‌ථානයට එනවිට මෙකී පුද්ගලයා පලාගොස්‌ ඇති අතර මේ පිළිබඳව එම වතුයායේ පිරිස වතු අධිකාරිවරයාටද දැනුම් දී ඇත.

පසුව මේ පිළිබඳ වටවල පොලිසියටද දැනුම් දී ඇති වතු අධිකාරිවරයා අදාළ පුද්ගලයා කවුරුන්දැයි සොයාගෙන අදාළ පුද්ගලයා වටවල පොලිසියට භාරදීමට පියවර ගෙන ඇත. වටවල පොලිසිය මඟින් මෙම පුද්ගලයා පිළිබඳ කරන ලද විමර්ශනවලදී එම පුද්ගලයා යුද හමුදාවේ ආරක්‍ෂක බළමළුවේ සාමාන්‍ය සෙබළකු ලෙස සේවය කර 2002 දී යුද හමුදා සේවයෙන් පලාගොස්‌ ඇති පුද්ගලයකු බවට අනාවරණය වී ඇත.

මේ පිළිබඳ වටවල පොලිසිය මඟිsන් වැඩිදුර පරීක්‍ෂණ ආරම්භ කර ඇති බවද ඔහු වැඩිදුරටත් පවසන ලදී.
 
Related Posts with Thumbnails