Ads 468x60px

.

ග‍්‍රීස් යකා පිටුපස්සේ ආණ්ඩුවේ ප‍්‍රබලයෙක්

ගී‍්‍රස් යකා යනු ආණ්ඩුවේ ප‍්‍රබලයෙකුගේ අනුදැනුමෙන් සිදුවන්නක් බව දැන් ඔප්පු වී තිබේ.ඒ අනුව හපුතලේ තොටලාගල ප‍්‍රදේශයේ දී ඊයේ 11 වන දින ප‍්‍රදේශවාසීන් විසින් මරා දමනු ලැබූ ග‍්‍රීස් යක්කු දෙදෙනා හමුදාවට සම්බන්ධ අය වීම හා ඔවුන් පැමිණි යතුරු පැදිය කොළඹ ප‍්‍රදේශයේ ලියාපදිංචි කරන ලද්දක් වීම මෙය ආරක්‍ෂක අංශයේ කටයුත්තක් බවට ඔප්පු වන ප‍්‍රබල සාක්‍ෂිකයකි.
එසේම වටවල ප‍්‍රදේශයේදී අල්ලා ගනු ලැබූ මෙවැනි පුද්ගලයෙක් ප‍්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත්තේ ඔහු හමුදා සේවයෙන් ඉවත් ව ඇති අතර පනාගොඩ හමුදා කඳවුර සමග සම්බන්ධතා පවත්වන බවයි.

එසේම රත්නපුර, පොලොන්නරුව හා මහියංගන ප‍්‍රදේශයේදී අල්ලා ගනු ලැබූ සියලූ පුද්ගලයන් හමුදා සාමාජිකයන් වීමම මෙය ආරක්‍ෂක අංශයේ කටයුත්තක් බවට ප‍්‍රබල සාක්‍ෂි සපයන්නකි. කෙසේ නමුත් සොරබොර වැවේ පතුලේ ඇති කඩුවක් ගැනීම සදහා වන භාරයක් ඔප්පු කිරීමේ අවශ්‍යතාවය මහින්ද රාජපක්‍ෂට ඇති වී ඇති අතර එය ගෝඨභය රාජපක්‍ෂ විසින් මනාව ඉටු කරමින් පවතින බවට කරුණු තහවුරු වෙමින් පවතී.
 
Related Posts with Thumbnails