Ads 468x60px

.

දහම් පාසල් නොයා අසැබි දසුන් බැලූ හෝමාගම සිසුන් දස දෙනෙක් මවුපියන් වැඳ සමාව ගනිති

ඉරිදා දහම් පාසල් සහ උපකාරක පන්ති යන බවට අඟවා සන්නිවේදන මධ්‍යස්ථානවලට ගොස් අන්තර්ජාලය ඔස්සේ අසභ්‍ය දර්ශන බලමින් සිටි වයස අවුරුදු 13 - 15 අතර වයසේ පසු වන පාසල් සිසුන් දස දෙනකු ( පසුගිය 07 වැනි ඉරිදා ) අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔවුන්ද මවුපියන්ද පොලිසියට කැඳවා, ඔවුන්ට වැඳ සමාව ගැනීමෙන් පසු සිසුන් නිදහස් කර යැවීමට පියවර ගත් බව හෝමාගම පොලිසිය පවසයි.
හෝමාගම නගර මධ්‍යයේ පිහිටි සන්නිවේදන මධ්‍යස්ථාන දෙකක් පරීක්‍ෂා කිරීමට පසුගියදා පොලිසිය ගිය අවස්ථාවේදී සිසුන් හා ඒවායේ හිමිකරුවන්ද අත්අඩංගුවට ගෙන ඇත.
 
අත්අඩංගුවට ගත් සිසුන් සියලු දෙනා කොළඹ මහරගම සහ පන්නිපිටිය ප්‍රදේශවල පිහිටි ඇතැම් පාසල්වල ඉගෙනුම ලබන බව පොලිසිය අනාවරණය කරගෙන තිබේ. සිසුන්ගේ බෑග්මළු පරීක්‍ෂා කර බැලීමේ දී දහම් පාසල් ඇඳුම්, පෙම්අසුන් , අසභ්‍ය විඩියෝ දර්ශන ඇතුළත් සිඩී තැටි හා පාසල් පොත්පත් හමු වූ බව පොලිසිය පවසයි.
 
සිසුන්ගේ මවුපියන් පොලිසියට කැඳවු හෝමාගම මූලස්ථාන පොලිස් පරීක්‍ෂක ප්‍රසන්න රත්නායක මහතා මවුපියන්ට එම දරු දැරියන් පිළිබඳව නිතර විමසිල්ලෙන් සිටින බවට දන්වා , සිසුන් සියලු දෙනා මවුපියන්ට වැඳ සමාව ගැනීමට යොමු කිරීමෙන් පසු, සිසුන්ගේ වයස සැලකිල්ලට ගෙන, නිදහස් කර යැවීමට පියවර ගෙන ඇත.

අන්තර්ජාලය ඔස්සේ සිසුන්ට අසභ්‍ය දර්ශන පෙන්වු සන්නිවේදන මධ්‍යස්ථානවල හිමිකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. හෝමාගම පොලිස් ස්ථානාධිපති පො.ප. ප්‍රසන්න රත්නායක මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් පරීක්‍ෂකවරුන් වන වසන්ත අලහකෝන් , රුවිඳු උඩුගම ඇතුළු නිලධාරි පිරිසක් වැටලීම සිදු කළහ.
 
Related Posts with Thumbnails