Ads 468x60px

.

තහනම් වුවත් තහනම් නැති කියුබාවේ ප‍්‍රථම සමලිංගික විවාහය

සමලිංගික විවාහ තහනම් වන කියුබාවේ එවැනි විවාහයක් පවත්වා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. මෙම විවාහ උත්සවයේ මනාල යුවල නම් කියුබානු ජාතිකයෙකු වන ඉග්නාෂියෝ එස්ත‍්‍රාඩා හා ස්ත‍්‍රියක් ලෙස ලිංගික විපර්යාසයකට ලක් වූ වෙන්ඩි ඉරියෙපා ය.

කියුබාවේ සමලිංගික විවාහ තහනම් වුවද, ශල්‍යකර්මයක් මගින් ලිංගික විපර්යාසයකට ලක්වූ මෙහි මනාලිය නීත්‍යානුකූලව ස්ත‍්‍රියක් ලෙස සැලකෙන හෙයින් මෙම අවස්ථාව නීති විරෝධී නොවූ බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

හවානා අගනුවර පවත්වනු ලැබූ මෙම විවාහය, කියුබානු ෆිදෙල් කැස්ත්‍රෝගේ 85 වන උපන්දිනය යෙදී තිබුණු අගෝස්තු 13 දා පැවැත්විණි.

මෙම අවස්ථාව සමලිංගිකයන් හට නව ආරම්භයක් සනිටුවහන් කරනු ඇතැයි එස්ත‍්‍රාඩා පවසයි.

කැස්ත්‍රෝගේ විප්ලවය ආරම්භ වූ අවධියේදී කියුබාවේ සමලිංගිකයන් රඳවාතැබීමට හෝ කම්කරු කඳවුරු වලට යැවීමට කටයුතු කර තිබුනද, වර්තමානයේදී එරට සමලිංගික අයිතීන් වෙනුවෙන් කටයුතු කරන ලිංගික අධ්‍යාපන ආයතනයක් වන CENESEX ආයතනයේ ප‍්‍රධානියා වන්නේ කියුබානු ජනපති රාවුල් කැස්ත්‍රෝගේ දියණිය වන මරියෙලා කැස්ත්‍රෝ ය.
 
Related Posts with Thumbnails