Ads 468x60px

.

ග්‍රීස් යකෙක්ද..?වැරදීමක්ද..?

නාවලපිටිය පොලිස්බල ප්‍රදේශයේ ඕවිට-ජයසුන්දරපුර ප්‍රදේශයේ සැක කටයුතු ලෙස සැරිසරමින් සිටි පුද්ගලයෙකු ග්‍රීස් යකෙකු යයි සැක කොට අද අලුයම ප්‍රදේශවාසීන් විසින් අල්ලා දුරකථන කණුවකට තබා ගැටගසා තිබිණි.උදෑසන 6.00 පමණ වන විට මොහු දැක බලා ගන්නට 2000 ට අධික පිරිසක් අවට ගම්වලින් පැමිණි සිටි බව අද දෙරණ වාර්තාකරු පවසයි.
පසුව නාවලපිටිය පොලිස් ස්ථානාධිපති උදය වික්‍රමසේකර මහතා පැමිණ රැස්වූ පිරිස් විසුරුවා හැර සැකකරු ලිහා විමර්ශන කටයුතු සඳහා පොලීසියට රැගෙන ගොස් තිබේ.සැකකරු ගම්පොල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත්,ඔහු අපරාධ ගණනාවකට සම්බන්ධ බවට සැක කළ පුද්ගලයෙකු බවත් ආරංචි මාර්ග සඳහන් කරයි.
 
Related Posts with Thumbnails