Ads 468x60px

.

රන් පැහැයෙන් යුත් ලෝහමය හිඳි බුදු පිළිම හතළිස්‌ එකක්‌ සේනපුර විහාර භූමියක

අනුරාධපුර, සේනපුර, අමුණුගම ශ්‍රී බෝධිරාජාරාම විහාරස්‌ථ භූමියේ කිසියම් අයකු විසින් දමා ගොස්‌ තිබූ රන් පැහැයෙන් යුත් ලෝහමය හිඳි බුදු පිළිම හතළිස්‌ එකක්‌ පෙරේදා (13 දා) රාත්‍රි හමුවී තිබේ. පෙරේදා සවස ශ්‍රී බෝධිරාජාරාම විහාරස්‌aථානයේ පැවැති බෝධි පූජා පින්කමකට සහභාගි වූ තරුණයන් දෙදෙනෙක්‌ එය අවසන් වූ පසු නැවත නිවෙස්‌වලට යමින් සිටියදී එම හිඳි බුදු පිළිම අඩංගු පොලිතින් බෑගයක්‌ මුලින්ම දැක ඇති අතර, ඔවුන් විසින් පසුව ඒ බව විහාරාධිපති දේවගිරිපුර සෝභිත හිමියන් වෙත දැනුම් දී ඇත.

අනතුරුව වහා ක්‍රියාත්මක වූ උන්වහන්සේ හිඳි බුදු පිළිම අඩංගු පොලිතින් බෑගය පරීක්‍ෂා කර බලා ඒ බව ගල්නෑව පොලිස්‌ ස්‌ථානයේ නිලධාරීන්ට දැනුම් දී ඇත.

අනතුරුව එහි පැමිණි පොලිස්‌ නිලධාරීන් වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වීම සඳහා එම පිළිම සිය භාරයට ගෙන තිබේ.

එම බුදු පිළිම නිධානයකින් ලබාගත් ඒවාද යන්න ගැන මෙතෙක්‌ තොරතුරු අනාවරණය වී නොමැති බව පවසන පොලිසිය ඇතැම්විටක නිධානයකින් ලබාගත් බව පවසමින් ලෝහ කැබලිවල රන් ආලේපකොට ව්‍යාජ රන් ජාවාරමේ හෙවත් මරංචි ජාවාරමේ යෙදෙන කිසියම් පුද්ගලයන් පිරිසක්‌ විසින් පොලිසියට හසුවෙතැයි යන බියෙන් විහාරස්‌ථ භූමියට ගෙනැවිත් දමා ගියේද යන්න සැකයක්‌ පවතින බවත් පවසයි.

මේ පිළිබඳ ගල්නෑව පොලිසියේ වැඩබලන පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක එස්‌. බී. ගන්දරවත්ත මහතා ඇතුළු නිලධාරී කණ්‌ඩායමක්‌ වැඩිදුර පරීක්‍ෂණ පවත්වති.
 
Related Posts with Thumbnails