Ads 468x60px

.

කාන්තාවෝ 2ක් ලොරියකට යට වී මිය යති, බිරිඳගේ වියෝවෙන් සැමියාත් කනේරු කා සිය දිවි නසාගෙන

මොනරාගල - වැල්ලවාය මාර්ගයේ ආනපල්ලම ප්‍රදේශයේදී ඉකුත් සිකුරාදා (12) සවස ලොරි රථයකට යටවීමෙන් විවාහක කතුන් දෙදෙනකු මියගොස් ඇත.
 
මෙසේ මිය ගියේ ආනපල්ලම 3 කණුව අසළ පදිංචි ඵරත්නායක මුදියන්සේලාගේ ගීතිකා කුමාරි (18) සහ ආනපල්ලම 4 කණුව අසළ පදිංචි වත්තලගේ දීපා කුසුම් පි‍්‍රයදර්ශනී (24) නැමැති දෙදෙනාය.
 

මියගිය තරුණියන් දෙදෙනා වැල්ලවාය සතිපොළට යාම සඳහා බසයක් එනතුරු මොනරාගල - වැල්ලවාය මාර්ගයේ මොනරාගලට යන බස් නැවතුම් පොළ අසළ රැඳී සිට ඇත. මොනරාගලට යන බස් රථයක් එම ස්ථානයෙන් පිටත් වෙනවාත් සමඟ බස් රථය පිටුපසින් පාරේ අනෙක් පැත්තට තරුණියන් දෙදෙනා මාරුවීමට යාමේදී ගඩොල් පවාගෙන වැල්ලවාය දෙසට ධාවනය වෙමින් තිබූ ලොරියක ගැටීමෙන් ඔවුන් දෙදෙනා එම ස්ථානයේදීම මියගොස් ඇති බැව් මූලික පරීක්‍ෂණවලද හෙළි වී තිබේ.
 
මෙම මරණ පිළිබඳ සාක්‍ෂි විභාගය සැප්තැම්බර් 20 වෙනි දිනට කැඳවන ලෙස පොලිසියට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා ලොරි රථයේ රියදුරු එදින දක්වා රක්‍ෂිත බන්ධනගත කිරීමට ද නියෝග කළේ ය.
මොනරාගල සහකාර පොලිස් අධිකාරී ධ්ධ්ධ් අශෝක විජේරත්න මහතාගේ උපදෙස් පිට වැල්ලවාය පොලිස් ස්ථානාධිපති එම්. එම්. සිරිපාල මහතා පරීක්‍ෂණ මෙහෙයවයි.

මිය ගිය කාන්තාවන් දෙදෙනාගෙන් එක් අයකු වන ගීතිකා කුමාරි නමැත්තියගේ සැමියා වන ආර්. එම්. පි‍්‍රයන්ත රත්නායක (24) මහතා සිය දිවි නසාගෙන ඇතැයි වැල්ලවාය පොලිසිය කියයි.

බිරිඳගේ වියෝවෙන් මහත් සිත් වේදනාවට පත් වී සිටි ඔහු ඊයේ (13) කනේරු ඇට කා අසාධ්‍යව වැල්ලවාය දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මොනරාගල මහ රෝහලට මාරු කර යවා ඇත. ඔහු ඊයේ (14) අලුයම මිය ගොස් ඇති බව පොලිසිය කියයි.
 
Related Posts with Thumbnails