Ads 468x60px

.

දැරියකට අතවර කළ අයෙකුට විසි වසරක සිර දඬුවම්

බාලවයස්කාර දැරියක් මවුපිය භාරයෙන් පැහැරගෙන ගොස් ඇයව බරපතල ලිංගික අපයෝජනයකට ලක්කළේ යැයි අධිචෝදනා ලැබූ විත්තිකරුවකුට අවුරුදු 20ක බරපතළ වැඩ ඇතිව සිරදඬුවමක් සහ රුපියල් විසිදහසක දඩයක් පානදුර පළාත්බද මහාධිකරණ විනිසුරු අමල් තිලකරත්න මහතා නියම කළේය.
මීට අමතරව රුපියල් ලක්ෂයක වන්දි මුදලක් එම දැරියට ගෙවන මෙන්විනිසුරුවරයා විත්තිකරුට නියෝග කළේය.

දඩය සහ වන්දිමුදල ගෙවීමට නොහැකි නම්, අවුරුදු 2 1/2 ක බරපතළ වැඩ ඇතිව සිරදඬුවමක්විත්තිකරුට නියම කළේය.

විත්තිකරු විසින් මෙම දැරිය පැහැරගෙන ගොස් ඇත්තේ 2007.12.22 වැනි දිනය.
විත්තිකරු නොමැතිව නඩුව අධිකරණය හමුවේ විභාග වූ අතර, විත්තිකරු අත්අඩංගුවට ගැනීම සඳහා පානදුර පොලිසිය මගින් විවෘත වරෙන්තුවක්විනිසුරුවරයා නියම කළේය.

පැමිණිල්ලේ සාක්කි මෙහෙයවන ලද්දේ රජයේ නීතිඥ අසංක මෙන්ඩිස් මහතා විසිනි.





 
Related Posts with Thumbnails