Ads 468x60px

.

පානදුරේ දරුවන් ලිංගික අපයෝජනයට ලක්වීමේ ප‍්‍රවණතාවක්

පසුගිය තුන්මසක කාලයේදී අවුරුදු 14 ට අඩු දැරු දැරියන් බාලාපචාරවලට යොමුකර ගැනීම සම්බන්ධයෙන් සැකකරුවන් අට දෙනකු පාණදුර පොලිසියේ ළමා සහ කාන්තා කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගර ගත කර ඇතැයි වාර්තා වේ.
එම ප‍්‍රදේශයේ ඇතැම් දරුවන් අපයෝජනය වීමේ ප‍්‍රවණතාවක් පවතින බව පොලිස් ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මේ අතර, අවුරදු 15 ට අඩු ගැහැණු දරුවන් අවුරුදු 20 ට අඩු තරුණයින් සමඟ පලා ගොස් විවාහවීමේ ප‍්‍රවනතාවයක්ද මතු වී ඇත.

පසුගිය කාලයේදී වාද්දුව පොලිස් ප‍්‍රදේශයෙන්ස්ත‍්‍රී දූෂණ දෙකක් වාර්තාවී ඇත.
මීට අමතරව එම ප‍්‍රදේශයේ විහාරවලදී බාලවයස්කාර දරු දැරියන් ලිංගික අපයෝජනවලට ලක්වීම පිළිබධ පැමිණිලිඇතැයි පැවසේ.

වලාන සරණපාල මාවතේ විහාරයකදී සිදු වූ අපහරණයක් සම්බන්ධයෙන් පාණදුර පොලිසියේ ළමා සහ කාන්තා කාර්යාංශය පරීක්ෂණ පවත්වා ඇත.

සැකපිට අත්අඩංගුවට ගත් භික්ෂුවක් මෙම මස 14 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරණ ලදී.

පාසල් ශිෂ්‍යයකුට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් වරදකරුවූ පාණදුර හොරේතුඩුව විහාරයක හිමි නමකට අවුරුදු පහකට අත්හිටවූ අවුරුදු දෙකක සිරදඬුවමක් හා රුපියල් 30,000ක දඩයක් පාණදුර මහාධිකරණ විනිසුරු මාලනී ගුණරත්න මහත්මිය නියම කර ඇති බවපැවසේ.

එහිදී දඩයට අමතරවූ රුපියල් ලක්ෂයක වන්දියක් පැමිණිලිකාර පාසල් ශිෂ්‍යා වෙත වන්දි වශයෙන් ගෙවීමටද නියම කර තිබේ.

පාණදුර වාද්දුව ප‍්‍රදේශයේ විහාරාධිපති නමකට සහ තවත් භික්ෂුවකටබාලාපචාර සිද්ධියක් සම්බන්ධයෙන් වාද්දුව පොලිසිය පාණදුර මහේස්ත‍්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩු දෙකක් විභාගවෙමින් පවන බවද මේ අතර වාර්තා වේ.
 
Related Posts with Thumbnails