Ads 468x60px

.

කාන්තාවන් හතර දෙනකු අනියම් බිරියන් වශයෙන් තබා ගත් අයෙකු රක්ෂිතයට

අවුරුදු කිහිපයක් තිස්සේ කාන්තාවන් හතර දෙනකු අනියම් බිරියන් වශයෙන් තබා ගෙන සිටි පානදුර ප‍්‍රදේශයේ අයෙකු පානදුර මහේස්ත‍්‍රාත් ආර්. එස්. ඒ. දිසානායක මහතා විසින් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

සැකකරු එලෙස ඇසුරු කළ එක් කාන්තාවකගේ දියණිය ද අඹු කමට ගෙන ඇතැයි වාර්තා වේ.

ඔහු සමඟ ජීවත් වූ අනියම් බිරියක් විසින් පානදුර පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

පැමිණිලිකාරිය පදිංචි නිවෙසින් ඇයව පන්නා දැමීමට අනියම් සැමියා සහ දියණිය උත්සාහ කරන බවට ඇය පැමිණිළි කර තිබිණි.
සැකකරු අනියම් ඇසුරු පැවැත්වූ කාන්තාවන් හතර දෙනකුට සැකකරුට දාව ලද දරුවන් පස් දෙනෙක් සිටින බවද පැවසේ.

ඔවුන් මෙම පුද්ගලයාට එරෙහිව නඩත්තු නඩු මහේස්ත‍්‍රාත් අධිකරණවලදී පවරා ඇත.

සැකකරු අදාළ නඩු මගහැර ඇති බැවින් ඔහු අත්අඩංගුවට ගැනීමට වරෙන්තුනිකුත් කර ඇති බව අධිකරණයේදී අනාවරණය වී තිබේ.
 
Related Posts with Thumbnails