Ads 468x60px

.

සුපිරි තෙන්නකෝන්ට අයත් තවත් සුපිරි නිවාස දෙකක් කොළඹින්

දේශබන්දු තෙන්නකොන් විසින් හවුල්කරුවන් යොදාගෙන ඉදිකරන තවත් නිවාස දෙකක් පිළිබඳ වාර්තාවේ. මීට පෙරද නුවර තෙන්නකේන් නමින් ඉදිවෙන නිවසක් පිළිබද තොරතුරු අනාවරණය කරයි. එසේම නුගේගොඩ හා තලවතුගොඩ ප‍්‍රදේශවල ඉදිවෙමින් පවතින මෙම නිවාස දෙකක ලක්‍ෂ 350 හා 500ක් වන බව අනාවරණය වේ.
තලවතුගොඩ හන්දියේ සිට මීටර් 100ක් පමණ දුරින් පිහිටි මෙම නිවස තලවතුගොඩ වෙළද සංගමයේ සභාපති චන්දන නැමැත්තාගේ නමට ඉදිකරවන මේ නිවසේ වැඩ අධීක්‍ෂණය සදහා වරින් වර තෙන්නකෝන් පැමිණෙන අයුරු අවට වැසියන් දැන ඇත. වෙළද සංගමයේ සභාපති චන්දන සමග එකට රාත‍්‍රි සමාජ ශාලාවලට සහභාගී වීමෙන් මෙම යාලූ කම ගොඩනැගී ඇති බවද වාර්තාවේ.

තෙන්නකොන්ට අයිති අනෙක් නිවස ඉදිවෙමින් පවතින්නේ නුගේගොඩ නගරයේ ජොස්වෙලී ප්ලෙන් හිය. මෙම නිවස ප‍්‍රදේශයේ වෙළද ව්‍යාපාරිකයෙකු වන සෙනෙවිරත්න මුදලාලිගෙන් ලබාගත් මුදල් මත ඉදිකරමින් පවතින බවටද තොරතුරු අනාවරණය කරයි. මේ අනුව දේශබන්දු තෙන්නකෝන් ට කෝටි ගණනක වත්කම් පවතින අතරම පොලිස් නිලධාරියෙකු සතුව මෙපමණ වත්කම් ප‍්‍රමාණයක් පවතිනුයේ කවර ආකාරයෙන්ද යන්න පිළිබඳව පරීක්‍ෂණ පැවැත්විය යුතුය.
 
Related Posts with Thumbnails