Ads 468x60px

.

ලිපිකාරිනියට අතවර කළ ඩිපෝ අධිකාරී රිමාන්ඩ්

ලිපිකාරිනියකට අතවර කිරීමේ චෝදනා මත කැබිතිගොල්ලෑව ඩිපෝවේ ඩිපෝ අධිකාරි ලබන මස 12 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කැබිතිගොල්ලෑව දිසා විනිසුරු මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේය.
රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ කැබිතිගොල්ලෑවේ භාතිය තිස්ස ලියන ආරච්චි නමැති අයෙකි.
 
2011 පෙබරවාරි මස 24 වැනි දින කැබිතිගොල්ලෑව ඩිපෝවේ සේවය කරන ලිපිකාරිනියකට බරපතළ ලිංගික අතවරයක් සිදුකළ බවට අධිකාරිවරයා චෝදනා ලැබ සිටි අතර මාස හයක පමණ කාලයක් විභාග වූ නඩුවකින් පසු අධිකාරිවරයා වරදකරු බවට නිගමනය කළ දිසා විනිසුරු තිළිණ ගමගේ මහතා දඩුවම් නියම කරන තුරු රක්ෂිත භාරයට පත් කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් කැබිතිගොල්ලෑව පොලිසිය අධිකරණයට කරුණු දැක්වීය.
 
Related Posts with Thumbnails