Ads 468x60px

.

පාතාල කල්ලි සාමාජික ‘නේවි අසංග’ කැළණි ගගේ ගිලී මියයයි

පාතාල කල්ලි සාමාජිකයෙකු කැළණි ගගේ ගිලී මියයයි.ඔහු ‘නේවි අසංග’ යනුවෙන් හඳුනාගෙන තිබේ.පොලිස් අත්අඩංගුවෙන් මිදී පලායෑමට උත්සාහ කිරීමේදී ඔහු ගගේ ගිලී ඇතැයි පැවසේ.
සති දෙකකට පමණ ඉහතදී අත්අඩංගුවට ගත් පාතාල ප්‍රබලයකු වන නේවි අසංක ඊයේ (30) හවස දියේ ගිලී මිය ගිය බව නුගේගොඩ කොට්ඨාස භාර පොලිස් අධිකාරී දේශබන්දු තෙන්නකෝන් මහතා කීය. පොලිස් අත්අඩංගුවේ සිටියදී කරන ලද ප්‍රශ්න කිරීම් වලට අනුව සඟවා ඇති ටී 56 ගිනි අවියක තොරතුරු හෙළි කර ඇත. පොලීසිය සැකකරු සමග එම ස්ථානයට ගොස් පොහොර උරයක බහා වල දමා ඇති ගිනි අවිය ගොඩට ගෙන ඇත.
 
ගිනි අවිය සඟවා තබා ඇත්තේ නවගමුව පොලිස් වසමට අයත් වෑවල නම් කැළණි ගඟ අභියස පාලු පෙදෙසකය. පසුව සැකකරු පොලිසියෙන් මිදී කැලණි ගඟට පැන පලායමට තැත් කිරීමේදී පොලීසියද සැකකරු සමඟ දියට පැන ඔහු බේරා ගැනීමට වෙර දරා ඇත. නමුත් විලංගු සමග දියේ ගිලුණ සැකකරු බේරා ගැනීමට පොලීසියට නොහැකි වී ඇති අතර දියට පැන්න පොලිස් නිලධාරීන්ද දියේ ගිලී තිබේ . පසුව දියේ ගිලුන පොලිස් නිලධාරීන් සමඟ සැකකරුද බේරා ගත් නමුත් ඒ වන විටත් සැකකරු මිය ගොස් සිට ඇත. පොලිස් නිලධාරීන් දෙදෙනා දැනට රෝහල් ගතකර තිබේ.


 
Related Posts with Thumbnails