Ads 468x60px

.

මේනක හා නෙහාරා අතර අනියම් පෙමක් ඇතැයි මතුකල - සිරසට චෝදනා

‘සිරස සුපර් ස්ටාර් - ජෙනරේෂන් ෆෝ’ අවසන් අදියරේදී ජනපි‍්‍රය නිළියක්, නිවේදිකාවක් හා නර්තන ශිල්පිනියක් වන නෙහාරා පීරිස්ගේ හා ජනපි‍්‍රය නළුවෙකු වන මේනක රාජපක්‍ෂ අතර අනියම් පෙමක් ඇතැයි යන්න මතු කිරීමට උත්සාහ කළ බවට සිරස නාලිකාවට චෝදනාවක් එල්ලවී තිබේ.

මේ දිනවල ක්ෂේත‍්‍රය තුළ නෙහාරා හා මේනක අතර සමබන්ධයක් ඇතැයි යනුවෙන් පැතිර යන රාවයට මෙය පිදුරු දැමීමක් බවක්ෂේත‍්‍රයේ ප‍්‍රවීනයනයෝ පැවසීය.

එම නාලිකාවේ ජනපි‍්‍රයත්වය උදෙසා මෙය හිතා මතා සිදු කළ දෙක් බවඔවුහු චෝදනා කළහ.අදාළ වැඩසටහනේදී 70 දශකයේ ගීත කණ්ඩ කිහිපයක නර්තනයක් සඳහා නෙහාරා හා මේනක පෙනී සිටිය හ.විනාඩි නවයකට ආසන්න කාලයක් පැවැති මෙම නර්තන අංගය  මේනක පේ‍්‍රක්‍ෂකයන්ට පිටුපා සිටින දර්ශනකිනි.

මේනක පේ‍්‍රක්‍ෂකයන්ට පිටුපා හිඳ නැවත හැරී පේ‍්‍රක්‍ෂකයන් දෙසට එන අතරේ පසුබිම් ගායන ලෙස විහිදී යන්නේ ජනපි‍්‍රය ගායන ශිල්පී මිල්ටන් මල්ලවආච්චිගේ ‘බඹරෙකු වන්නට නොහැකිව ලතවෙන මා අභියස ඔබ නෙළුම නොවෙයි’ යන ගීත කණ්ඩයයි.පසුව ටික මොහොතකදී එම වේදීකාවට ගොඩ වෙන නෙහාරාපසුබිම් ගායනය ලෙස සැපයෙන්නේ ‘මීදුම් ගලා කන්දේ ඉවසන්න බෑ සීතේ’ යන ගීතයයි.

කෙසේවුවද මෙම නර්තන ජවනිකාව අවසන් වන්නේ නෙහාරා හා මේනක එකිනෙකා හා වෙලී සිටින ‘මධු සඳෙන් තවත් සුපෙම් සඳක් උදාවේ’ යන ගීත කණ්ඩයත් සමඟය.නෙහාරාගේ විවාහය මේවන විට දික්කසාදයක් දක්වා දුර දිග ගොස් ඇති බව ප‍්‍රසිද්ධ රහසකි.තොරතුරු තාක්ෂණය හා සම්බන්ධ රැුකියාවක නිරතව සිටි නිර්මාල් පෙරේරා සමඟ නෙහාරා විවාහවී සිටියාය.මේනක හා ඔහුගේ ජීවන සහකාරිය වූ විරංගි අතර ද මතභේද ඇතැයි පසුගිය දිනවල මාධයයේ වාර්තා විය.
 
Related Posts with Thumbnails