Ads 468x60px

.

තරුණියකට අසභ්‍ය දසුන් පෙන් වූ මේසන් රිමාන්ඞ්

කඩුවෙල කොල්ලූපිටිය බසයකදී තරුණියකට ජංගම දුරකතනයෙන් අසභ්‍ය දර්ශන පෙන්වී යැයි සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පුද්ගලයෙක් ලබන සැප්තැම්බර් 01 දක්වා රිමාන්ඞ් භාරයට පත්කරන ලෙස කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (22) නියෝග කළාය.
මෙලෙස රිමාන්ඞ් භාරයට පත්කරනු ලැබුවේ මාතලේ ප‍්‍රදේශයේ පදිංචි පෙදරේරුවකු වන යු.ජී. පද්මසිරිල් නැමැති අයෙකි.

සැකකරු තමාට අසභ්‍ය දර්ශන පෙන්වන බව තරුණිය රියදුරාට හා කොන්දොස්තරට දන්වා ඇති අතර පසුව ඔවුන් බසය කොල්ලූපිටිය පොලිසියට පදවා ඇත.
මෙහිදී අධිකරණයට කරුනු දැක්වූ කොල්ලූපිටිය පොලිසියේ නිලධාරීන් කියා සිටියේ සැකකරුගේ දුරකතනයේ තිබී අසභ්‍ය වීඩියෝ 11ක් සොයාගත් බවයි.

ඒවා සාක්‍ෂි වශයෙන් ඉදිරිපත්කරන බවඔවුන් අධිකරණයට දැන්වීය.
 
Related Posts with Thumbnails