Ads 468x60px

.

පුත්තලමේ කලහයෙන් පොලිස් නිලධාරියෙක් මරුට

පුත්තලම නගරයේ ඊයේ (21) රාත්‍රී හටගත් නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් පුත්තලම පොලිසියේ කොස්තාපල්වරයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.   හටගෙන තිබූ නොසන්සුන්කාරී තත්ත්වය මේ වනවිට සම්පුර්ණයෙන්පාලනය කර ඇති බව පොලිසිය සඳහන් කරයි.
 සිද්ධියෙන් පුද්ගලයන් 05 දෙනෙකු තුවාල ලබා පුත්තලම මුලික රෝහලට ඇතුළත් කර තිබේ.ගී‍්‍රස් යකෙක් පැමිණ ඇති බවට වූ ප‍්‍රචාරයක් පිළිබඳව සොයා බැලීම සඳහා පුත්තලම-මහල්ගුණ්ඩුව ප‍්‍රදේශයට පොලිස් කොස්තාපල්වරයෙකු සහ ප‍්‍රදේශයේ ග‍්‍රාම සේවකවරයා එම ප‍්‍රදේශයට ගිය  අවස්ථාවේදී කිසියම් අයෙකු සිදුකළ වෙඩි තැබිමකින් පුද්ගලයන්  05 දෙනෙකු තුවාල ලබා ඇත.

ඒ අතර කාන්තාවක් සහ වයස අවුරුදු 13 ක පිරිමි දරුවෙකුසිටින බව පුත්තලම රෝහල් ආරංචිමාර්ග සදහන් කරයිමෙහිදී පොලිස් නිලධාරීයා පැමිණි යතුරු පැදියටප‍්‍රදේශවාසීන් ගිනි තබා ඇත.
අනතුරුව ඊයේ රාති‍්‍රයේ නගරයේ රැදී සිටි පිරිසක් විසින් කළ පහර දීමකින් පොලිස් නිලධාරියෙකු බරපතල තුවාල ලබා රෝහල් ගතකර ඇති අතර  පසුව එම පොලිස් නිලධාරියා ජීවිතක්ෂයට පත් වී තිබේ.

 
Related Posts with Thumbnails