Ads 468x60px

.

මා වෙනුවෙන් පෙත්සම් ගහන්න – රෝසි

තමන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ගයක් ගැනීමට පක්ෂ නායකත්වය විසින් කටයුතු කිරීම නිසා තමා වෙනුවෙන් පෙත්සමක් අත්සන් කර එක්සත් ජාතික පක්ෂය වෙත ඉදිරිපත් කරන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝසි සේනානායක මහත්මිය ලංකාවේ ප්‍රධාන පෙළේ කාන්තා සංවිධාන වලින් ඉල්ලා ඇතැයි වාර්තා වේ.

එක්සත් ජාතික පක්ෂයේ විනය නීති උල්ලංඝණය කරමින් නායකයා එළවීම සදහා සංවිධානය කරන ලද සත්‍යග්‍රහයකට සහ තොවිලයකට සහභාගි වීම නිසා ඇයට සහ බුද්ධික පතිරණ, සුජීව සේනසිංහ, දුනේෂ් ගන්කන්ද යන මන්ත්‍රීවරුන්ටත් විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගැනීමට පක්ෂ නායකත්වය තීරණය කොට ඇත.පක්ෂ විනය උල්ලංඝනය කොට තමන් ළඟට පැමිණීම සම්බන්දයෙන් අදාල කාන්තා සංවිධාන නොසතුට පල කර ඇතැයිද සඳහන්ය
 
Related Posts with Thumbnails