Ads 468x60px

.

සනත් ගුණතිලක තම පිතෘත්වය පිළිබදව ජනමාධ්‍යයන්ට හසුවේ යැයි බියෙන්

ජනප‍්‍රිය සිනමා නළු සනත් ගුණතිලක මහතාගේ හය හැවිරිදි දියනිය ඔහු එනතුරු හැඩූ කඳුලින් මගබලා සිටින බව වාර්තා වේ. දුරකථනය ඔස්සේ තමන් බලන්නට එන්නයැයි දියනිය කොතෙක් ඇවිටිලි කළද සනත් ඒ බව ගනන් නොගෙන සිටින්නේ තම පිතෘත්වය පිළිබදව ජනමාධ්‍යයන්ට හසුවේ යැයි යන බිය නිසාය.
කොළඹ මුල්පෙලේ පෞද්ගලික රෝහලක වෛද්‍යවරියක් වන මෙම දැරියගේ මව සනත් හා සම්බන්ධතාවයක් ගොඩනගා ගෙන ඇත්තේ සිය පියාවන සුප‍්‍රකට චිත‍්‍රපට නිෂ්පාදකවරයෙකු හරහාය. සිංහල සිනමාවේ වෘතාන්ත චිත‍්‍රපට කිහිපයක්ම නිෂ්පාදනය කොට ඇති නිෂ්පාදකවරයා කදාන ජා-ඇල ආසන්නයේ පදිංචි අයෙකි. මුලින්ම දියණියගේ සම්බන්ධතාවයට අකමැතිවී ඇති මෙම නිෂ්පාදකවරයා ඇය ගැබ් ගැනීමෙන් අනතුරුව ඇය විවාහ කරගන්නා ලෙසට සනත් ගුණතිලකගෙන් නොයෙක්වර බැගෑපත්වී ඇත.

විවාහ වෙනවා වෙනුවට කෙසේ හෝ ගබ්සාවක් කිරීමට මෙම වෛද්‍යවරිය කැමතිකරවා ගැනීමට සනත් ගුණතිලක මහත් උත්සාහයක් දරා ඇති අතර ඊට තමන් කිසිසේත් එකඟ නොවන බවත්, දරුවා තමන් තනිව හදාවඩාගන්නා බවත්, මින් පසු සනත් ගුණතිලකගේ කටයුතුවලට තමන් බාධාවක් නොවන බවත් පවසා ප‍්‍රශ්නය නිරාකරණය කොට ගෙන ඇත.

දැනට මෙම වෛද්‍යවරිය වෙනත් වෛද්‍යවරයෙකු හා විවාහ වී සිටින අතර දැරියට ඇගේ පියා කවුදැයි යන්න පැවසීමෙන් අනතුරුව දැරිය විසින් සනත් ගුණතිලක සමග දුරකථනයෙන් කතාකිරීමට පටන්ගෙන තිබේ.
 
Related Posts with Thumbnails