Ads 468x60px

.

‘පොල්ලධාවන්’ දෙමළ චිත‍්‍රපටයේ සිංහල පිටපතක්..! ප‍්‍රධාන චරිත ජැක්සන් ඇන්තනි හා හේමාල්

‘පොල්ලධාවන්’ දෙමළ චිත‍්‍රපටයේ සිංහල පිටපතක් සකස් කිරීමට සැලැසුම්කර ඇතැයි වාර්තා වේ.කොළිවුඩ් සිනමාවේ අද්විතීය රංගධරයෙකු සේ සැලකෙන රජිනි කාන්ත්ගේ බෑනා වන ධනුෂ් දෙමළ චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිතය සඳහා පණ පොවනු ලැබීය.
එහි ප‍්‍රධාන නිළිය ලෙස දිව්‍යා සපනාදනා චරිත මැවීය.

වසර 2007 දී මෙය දකුණු ඉන්දියාවේ තිරගත වූ අතර, ධනුෂ් මෙහි ‘ප‍්‍රභු’ ලෙස රගපෑවේය.

මෙම චිත‍්‍රපටයේ සිංහල පිටපතේ ප‍්‍රධාන චරිතය සඳහා හේමාල් රණසිංහ තෝරාගෙන ඇතැයි වාර්තා වේ.

එහි හේමාල්ගේ අයියාගේ චරිතයට ප‍්‍රවීන නළු ජැක්සන් ඇන්තනි පණපෙවීමට නියමිතය.

මෙම චිත‍්‍රපටයේ නිෂ්පාදක ලෙස සදේශ් කුමාර් කටයුතු කරන බවපැවසේ.

පොල්ලධාවන් යන්නේ සිංහල තේරුම නරුමයා යන්නය.

චිත‍්‍රපටය සැකෙවින් මෙසේය.

ප‍්‍රභූ යනු එක්තරා මධ්‍යම පාන්තික තරුණයෙකි. ඔහු කාලය ගෙවා දමන්නේ දිනය පුරාවටම සිය මිතුරන් හා කැරම් ක‍්‍රීඩාවේ යෙදෙමිනි. එක් දිනයකදී ඔහු සිය පියා සමග බහින්බස්වීමක් ඇති කරගන්නා අතර, තමා විසින් ඉතිරි කරගත් මුදලක් සිය පුතු අතට දෙන පියා, ජීවිතයේ යමක් කරන මෙන් ඉල්ලා සිටියි.

මෙම මුදලින් යතුරුපැදියක් මිලදී ගන්නා ප‍්‍රභූ, රැකියාවක්සොයාගනියි. එහෙත් එක් දිනකදී ඔහු රියඅනතුරකට ලක්වන අතර, යතුරුපැදිය කිසිවකු විසින් සොරකම් කරනු ලබයි.

සිය යතුරුපැදිය සොයා යන ගමනේදී පාතාලය හා ගැටෙන ප‍්‍රභූ වටා ගෙතුනු සිදුවීම් මාලාවක් ඔස්සේ මෙම චිත‍්‍රපටිය දිවෙයි
 
Related Posts with Thumbnails