Ads 468x60px

.

අනාරක්‍ෂිත ගමන මල්ෂාන්ට මරු කැඳවයි!

මෙලොව ඇති සම්පත්වලින් වටිනාම සම්පත ලෙස හඳුන්වන්නේ දරු සම්පතයි. ඇතැම් දෙමාපියන් මේ සම්පත උතුම් වස්‌තුවක්‌ ලෙස සලකන අතර සමහර දෙමාපියෝ උපතේදී හෝ ඉන් පසුව විනාශ කර දමති. මව් කුසින් බිහිවූදා සිට දැඩි ආදරයෙන් රැකවරණයෙන් හදා
 වඩා ගන්නා එම දරුවන් වයස අවුරුදු 9, 10 අතර තුරදී විනාශ වුවහොත් සෙනෙහබර දෙමාපියන්ට ඇති වන්නේ උසුලාගත නොහැකි දුකකි. වේදනාවකි. මෙයද එවැනිම කතා පුවතකි.

කොස්‌වත්ත පොලිස්‌ බල ප්‍රදේශයට අයත් උතුරු කිරිමැටියාන ග්‍රාමයද නිසසල ගම්මානයකි. විෙ-සිංහ ආරච්චිගේ විෙ-රත්න මේ ග්‍රාමයේ වෙසෙන පුද්ගලයකි. විෙ-රත්නගේ පවුලේ බිරිඳ ඇතුළු පස්‌ දෙනකි. වැඩිමහල් දරුවා ගැහැණු දරුවෙකි. දෙවැනි දරුවා හා බාල දරුවා ද පිsරිමි දරුවෝ වෙති. බාල දරුවා ලුණුවිල අනුරුද්ධ මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන විෙ-සිංහ ආරච්චිගේ මල්ෂාන් භාෂිත වයස අවුරුදු 9 ශිෂ්‍යයෙකි. හතරවන ශ්‍රේණියේ ඉගෙනුම ලබයි.

විෙ-රත්න ගොවිතැන් කිරීමට අමතරව අනුරුද්ධ විද්‍යාලයේ මුරකරුවකු වශයෙන්ද සේවය කරයි. විෙ-රත්නගේ සොයුරු දයාරත්නට (මල්ෂාන් භාෂිතගෙ බාප්පා) දරුවන් නොමැති නිසා මේ දරුවන් තිදෙනාටද සැලකුවේ තමාගෙ දරුවන් ලෙසය. පසුගිය 27 වැනි සෙනසුරාදා සුපුරුදු පරිදි තම රාජකාරිය කිරීම සඳහා විෙ-රත්න අනුරුද්ධ විද්‍යාලය කරා ගියේය.

දයාරත්න රියෑදුරෙක්‌ නිසා අසල්වැසියකුගේ කුඹුරක්‌ සී සෑම සඳහා ට්‍රැක්‌ටරයකට රොටරේටයක්‌ද සවිකර ගෙන පෙරදින විෙ-රත්නගේ නිවසේ නතර කර තිබිණි.

එසේ ට්‍රැක්‌ටරය ගෙනවිත් නතර කර සිය වැඩකටයුතු සඳහා යනවිට මල්ශාන්ද එයට නැඟ සිය බාප්පත් සමඟ ට්‍රැක්‌ටරයේ යැමට පුරුදුව සිටියේය. මෙදිනද වෙනදා මෙන් සුපුරුදු ආකාරයෙන් ට්‍රැක්‌ටරයට නැගී මලශාන්ගෙ නිවස ඉදිරිපිට ඇති කුඹුරට ගියේය. මේ යන්නේ සිය අවසන් ගමන නොසිතාය. බාප්පාද තම පොඩි පුතා මේ යන අවසන් ගමන යෑයි සිතන්ට නැතුව ඇත. නමුත් "කොතනවුවත් නැත මරුහට බාධා" වදන අනුව මල්ශාන් පැරදී මරුවා ජයගත්තේය. බාප්ප ට්‍රැක්‌ටරය පදවමින් සිටියේය. මල්ශාන් ද ඒa අසල වාඩිවී සිටියේය. මෙසේ සී සාන අතර ලියද්දේ තිබෙන ලීයක්‌ දැක බාප්පේ ලී කෑල්ල අරන්දාන්ට ට්‍රැක්‌ටරය නවත්වන්ට කීමෙන් පසු මල්ශාන් ඉන් බැස ලීය ඉවත්කර නැවත ට්‍රැක්‌ටරයට ගොඩවුණේය. නැවත මඳ දුරක්‌ යනවිට බාප්පේ යන හඬට පිටුපස බලද්දී සියල්ල සිදුවී හමාරය. ට්‍රැක්‌ටරය නවතා බැලූවිට දක්‌නට ලැබුණේ මේ පුංචි පුතාගේ සිරුර රොටරියට හිරවී හිස සහ පපු පෙදෙස කැපී තිබෙන අයුරුයි. තමන්ගේ ඥති පුතාට මෙවැනි දෙයක්‌ සිදුවේ යෑයි බාප්පා කිසිවිටෙකත් සිතන්ට නැතුව ඇත. ඒ වෙනදත් මේ ආකාරයෙන් ගමන් කරන නිසාය. අප එහි යන විට විශාල පිරිසක්‌ කම්පා වී සිටින අයුරුත් දෙමාපියන් සහෝදරයා සහ සහෝදරියන් හඬා වැළපෙන අයුරු දැක ගත හැකි විය. අනාරක්‍ෂිත ලෙස වාහනවල ගමන් කරන්නන් හට මෙය හොඳ පාඩමක්‌ වුවද පිපී එන මල් කැකුළු මෙන් පරවී යැමට ඒ අනාරක්‍ෂිත භාවය හේතු වී තිබිණි.

සීල් තබන පෙට්‌ටියක්‌ තුළ තබා තිබුණ මල්ශාන්ගෙ සිරුර පසුගිය ඉරිදා (28 දා) දින මළ හිරු බැස යැමට ආසන්නයේදී නැගෙනහිර පොදු සුසාන භූමියේදී විශාල ජනකායක්‌ සහභාගිත්වයෙන් සෝ සුසුම් මැද මිහිදන් කෙරිණි.
 
Related Posts with Thumbnails