Ads 468x60px

.

ඇනොනිමස් අනවසරයෙන් වෙබ් වලට ඇතුලූ වූ බවට නිශ්චිත තොරතුරු නැතිලු

ඇනොනිමස් ශ‍්‍රී ලංකා නැමති  කන්ඩායම අනවසරයෙන් වෙබ් අඩවිවලට ඇතුලූ වූ බවට මෙතෙක් නිශ්චිත තොරතුරු ලැබී නොමැති බව ශ‍්‍රී ලංකා පරිගණක හදිසි ප‍්‍රතිචාර සංසඳය ප්‍රකාශ කරයි. ප‍්‍රධාන පෙළේ පරිගණක සමාගම් කිසිවක් තම වෙබ් අඩවිවලට තර්ජන ඇති වූ බවට පැමිණිලි ඉදිරිපත් කර නොමැති බවද  මෙම කණ්ඩායම රහසේ ලබාගත්තේයැයි කියන තොරතුරු සාමාන්‍ය ඒවා බවද  එම සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්‍ෂක ඉංජිනේරු රෝහණ පල්ලියගුරු මහතා සඳහන් කරයිඇතැම්විට යම් ප‍්‍රචාරයක් ලබාගැනීම සඳහා ඔවුන් තමන් ජනප‍්‍රිය වෙබ් අඩවි ආක‍්‍රමණය කළ බව මෙලෙස ප‍්‍රකාශ කරනු ඇතැයි   ඔහු කියා සිටියි.
 
ශ‍්‍රී ලංකාවේ සිට ක‍්‍රියාත්මක යැයි කියන කණ්ඩායමක් ලොව ප‍්‍රධාන පෙළේ වෙබ් අඩවි රැසකට අනවසරයෙන් ඇතුලූ වී පරිගණක දත්ත ලබාගෙන ඇති බවට අද (01) ජාත්‍යන්තර වෙබ් අඩවි කිහිපයක්ම වාර්තා කර තිබිණ.  මෙම කණ්ඩායම ඇනොනිමස් ශ‍්‍රී ලංකා යනුවෙන් තමන් හඳුන්වාගෙන ඇති බවත්  ඔවුන් ඇපල්, මයික්‍රො සොෆ්ට්, ෆේස් බුක්, ස්කයිප් ආදි ලොව ප‍්‍රධාන පෙළේ වෙබ් අඩවි රැසකට මෙසේ ඇතුලූ වී ඇති බවත් එම වාර්තාවල සදහන්වියඑම වාර්තාවලට අනුව  මෙම කණ්ඩායම මිට  පෙර ශ‍්‍රී ලංකාවේ වෙබ් අඩවි රැසකටමෙලෙස ඇතුලූ වී තිබේ.  මෙම පරිගණක ආක‍්‍රමණකාරීන් අගෝස්තු මස 22 වැනිදා සිට ලොව ප‍්‍රධාන වෙබ් අඩවිවල ඇතුළත් ඇතැම් දත්ත හෙළිකර තිබෙන බවට අනාවරණය වී ඇතැයි  විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර තිබිණ.
 
Related Posts with Thumbnails