Ads 468x60px

.

ලංකාවේ හැකරුවන්ගෙන් සයිබර් ප්‍රහාරයක්

ලංකාවේ සිට ක්‍රියාත්මක වූ බව කියාගන්නා සයිබර් ප්‍රහාරකයින් කණ්ඩායමක් දේශීය හා විදේශීය වෙබ් අඩවි රැසක් තැන්පත් කර ඇති ස(ර්)වර් තුළට රිංගා ප්‍රහාරයක් එල්ලකර තිබෙන බව වාර්තා වේ. මේ අනුව, මෙම ප්‍රහාරයට ලක්වූ වෙබ් අඩවි වලට ඇතුළු වීමට යාමේදී වෙනත් වෙබ් අඩවි වලට යොමු කෙරෙන පරිදි මෙම ප්‍රහාරය එල්ල කර තිබෙන බව සඳහන්ය.
මෙම සයිබර් ප්‍රහාරකයින් කණ්ඩායම Sri Lanka members of Anonymous (නාඳුනන්නන්ගේ ශ්‍රී ලංකා සාමාජිකයින්) යනුවෙන් හැඳින්වෙන බවත් ඔවුන් ජාත්‍යන්තර සයිබර් ප්‍රහාරකයින් කණ්ඩායමක සාමාජිකයින් බවත් අදාළ වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.
මෙම ප්‍රහාරය එල්ලවී තිබෙන බව මුලින්ම ජූලි මාසයේ මුල් කාලයේදී අනාවරණය කරගෙන තිබෙන බව මේ පිළිබඳව තොරතුරු කියන Cybernewswarfare නැමති වෙබ් අඩවිය විසින් සපයා තිබෙන තොරතුරු සම්බන්ධතාවයෙන් හෙළිවන බව සඳහන්ය.
 
මේ අනුව, මෙම ප්‍රහාරකයින් කණ්ඩායම ප්‍රහාර එල්ලකර තිබෙන්නේ ටෙලිකොම්, මෘදුකාංග සමාගම්, ආරක්ෂක අංශ, ව්‍යාපාරික මෘදුකාංග සන්ධානය වැනි හොර මෘදුකාංග භාවිතා කිරීමට එරෙහි වන අංශ වලට අයත් වෙබ් අඩවි වලට බව වාර්තා වේ.
 
මීට අමතරව, මයික්‍රොසොෆ්ට් හා ඇපල් සමාගම් වලට එරෙහිවද මෙම ප්‍රහාරය එල්ල කර තිබෙන බවට ප්‍රහාරකයින් පවසා තිබෙන බව සඳහන්ය.
 
Related Posts with Thumbnails