Ads 468x60px

.

කොළොම්තොට සුපතල හිමියන්ගේ කාමසුඛල්ලිකානුයෝගය

කොළොම්තොට සුපතල ගඟ ළඟ ඇති අරමක නායක හිමියන්ගේ අවකෙලි පිළිබඳව තවදුරටත් ඉවසා සිටීම අකැප යැයි හැඟී යන බැවින්, ඒවා හෙළිදරව් කිරීමට මත්තෙන් ඒ පිළිබඳව අංජලිකරනීය වූ සැබෑ බුද්ධ පුත‍්‍රයන් වහන්සේලාගෙන් හා සුපේක්‍ෂාශීලී සැදැහැවතුන්ගෙන්  වැද නමස්කාර කොට අවසර ආයාචනය කර සිටී.
ගලක් බඩ නැණ ඉසිවර යැයි සුපතල මෙම චීවරධරයාණන් ‘අත්තකිලමථානුයෝගය’, බුදුරදුන් පිළිවිසි ‘මැදුම් පිළිවෙත’ හැරපියා, විස්කි බොමින්,බ්ලූ ෆිල්ම් බලමින්,තෙවන සිල්පදය කෙලසමින් ගෙවන ‘කාමසුඛල්ලිකානුයෝගය’පිළිබඳව හෙළි කරන්නේ හෙළ බුදු සසුනේ චිර ජීවනය උදෙසා මෙවැනි පුද්ගලයන් හෙළිදරව් කිරීම කාලීන යුතුකමක් සේ සලකාය.

මෙම චීවරධරයාණන් පිළිබඳව කොළඹ නමගිය ‘පිම්පියන්’හොඳින් දනී.මොහුගේ දුරකථන අංක පිම්පියන් විශාල සංඛ්‍යාවක් සතුව පවතී.තම සේවා සඳහා සුරූපී ලාබාල යුවතියන් පැමිණි කල මෙම පිම්පියන් මෙම පුද්ගලයාට පුද දෙන්නේ රුපියල් 30,000 සිට රුපියල් 50,000 අතර මුදලකටය.‘නයිට් එකක්’නොහොත් සම්පූර්ණ රාති‍්‍රයකට ඉහත මුදල ගෙවන මෙම පුද්ගලයා ‘ෂෝට් ටයිම්’නොහොත් කෙටි කාලයකට රුපියල් 10,000 ගෙවීමට නොමසුරුවේ.

බලයට පැමිණෙන ඕනෑම දේශපාලන පක්‍ෂයක නායකයන් අල්ලේ නැටවීමේ සමත් මෙම පුද්ගලයා තමන්ට නතු නොවන දේශපාලනඥයන්ට එළව එළවා පහර දේ.ලංකාවේ දේශපාලන නපුන්සකයන් මොහුගේ අවකෙලි දැක දැකත් මොහු ඉදිරියේ වැද වැටෙන්නේ මොහුගේ ‘අවලම් කටට’ බියෙනි.

පසුගියදා එක්තරා පිම්පියෙකු විසින් මෙම පුද්ගලයාගේ ආරාමයට යවන ලද සූරූපී ලාබාල යුවතියක් ඉහළ මාලයේ කාමරයකට වී සිටියදී අවකෙලිය සඳහා මේ පුද්ගලයා පැමිණි විට ‘හාමුදුරුවනේ මම ඇඟ විකුණන බව ඇත්ත. ඒත් මම චීවරයට ගරු කරනවා. රුපියල් ලක්‍ෂයක් දුන්නත් මට තමුන්නාන්සේ එක්ක ඉන්න බෑ’ කියමින් පැනගොස් ඇති අතර,පසුව මෙම චීවරධාරියා පැමිණ ඇයව එම ස්ථානයට කැඳවා ගෙන ආ තී‍්‍රවිල්කරුට රුපියල් 3,000 ක් ලබාදී ‘මේ වගේ එවුන්ව ආයෙත් මගෙ ළඟට එවන්න එපා කියලා මැඩම්ට කියනවා’ යි පවසා තිබේ.

මොහු අවලම් වැඩක නිරත වී සිටියදී එතනට කඩා පාත්වුණු නායක රාමයෙකුට මොහු විසින් එය හෙළිදරව්වීම වළක්වා ගැනීම සඳහා විශාල වරදාන රාශියක් ලබාදුන් බව මාධ්‍ය ක්‍ෂෙත‍්‍රයේ මෙන්ම, ව්‍යාපාරික ක්‍ෂේත‍්‍රයේ ප‍්‍රකට කරුණකි.ව්‍යාපාරික ක්‍ෂෙත‍්‍රයේ පුද්ගලයන් විවිධ බැංකු හරහා ණය පහසුකම් ලබා ගැනීමට,ණය පහසුකම් ගෙවීම සඳහා කල් ගැනීමට මෙම පුද්ගලයා හරහා බලපෑම් කිරීම බැංකු ක්‍ෂෙත‍්‍රයේද ප‍්‍රකට කරුණකි.

මෙම ව්‍යායාමය කවර අයෙකුටවත් මඩ ගැසීමක් නොව,බුදුදහමේ චිරස්තථිය උදෙසා කෝටියක් සංවරශීලයන් ආරක්‍ෂා කරන ධර්මධර, විනයධර සැබෑ බුද්ධපුත‍්‍රයන් වහන්සේලාගේ ශී‍්‍ර නාමය කෙලෙසමින් මෙවැනි පැවිදි වේෂයෙන් පෙනී සිටින බලකාමී උන්මත්තකයන් හෙළිදරව් කිරීමක් බව වැඩිදුරටත් සඳහන් කරන්නෙමු.
 
Related Posts with Thumbnails