Ads 468x60px

.

නිෂ්පාදකයෙකු වන නාලන් මෙන්ඩිස් මහතාට (ඞී.ජේ.) හූවක්

පසුගිය දිනක නාවල පිහිටි ප‍්‍රධාන පෙලේ සමාජ ශාලාවකට ගිය ප‍්‍රවීන අධ්‍යක්‍ෂවරයෙකු හා නිෂ්පාදකයෙකු වන නාලන් මෙන්ඩිස් මහතාට නිළියක් විසින් හූ කියා ඇතැයි වාර්තා වේ.මෙන්ඩිස් මහතා අදාළ සමාජ ශාලාවට ගොස් එහි අසුන්ගෙන තම මිත‍්‍රයන් සමඟ සතුටු සාමීචියේ යෙදී සිට හදිසියේම නැගිට එම සමාජ ශාලාවේ සංගීතය සපයන්නා (ඞී.ජේ.) වෙත ගොස් තමන්ට අදාළ සංගීතය බාධාකාරි බව පවසමින් එය නවතා දමන ලෙස ඉල්ලා තිබේ. පසුව සංගීතය සැපයූ තරුණයා පවසා ඇත්තේ තමාට එය කළ නොහැකි බවයි.ඉන් ස්වල්ප මොහොතකට පසු ඔහු තම පුටුවපසෙකට තල්ලූකර දමා එම සමාජ ශාලාවෙන් පිටවී ගොස් ඇත්තේ තරුණ තරුණියන්ගේ හූ හඬ මධ්‍යයේ බවද පැවසේ.නාලන්ට මෙසේ හූ කීම ආරම්භ කර ඇත්තේ එක්තරා නිළියක් බවඑම සමාජ ශාලාවේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මෙම අවස්ථාවේදී එහි නිළි සුජානි මේනකා, ඇගේ සැමියා වන බිමල් ජයකොඩි, චතුරිකා පීරිස් ඇතුළු නළු නිළියන් පිරිසක් සිටි බවපැවසේ.

 
Related Posts with Thumbnails