Ads 468x60px

.

කායික අවශ්‍යතා හේතු මත කාන්තා අතවරවලට එරෙහිව නව නීති!

කාන්තාවන් මුළා කරමින් සිය ව්‍යාපාර ඉලක්‌ක හා කායික අවශ්‍යතා සපුරා ගැනීමෙහි නියුතුව සිටින මිථ්‍යා දෘෂ්ටිකයන්ට එරෙහිව නීති රීති සැකසීමට පියවර ගන්නා බව සමාජ සේවා ඇමැති ෆීලික්ස් පෙරේරා මහතා පවසයි.
සමාජයේ විවිධ හේතු මත මානසික වශයෙන් පීඩාවට පත්ව සිටින සහ එම පීඩාවන් හේතුකොටගෙන ලෙඩ රෝග ආදියට ගොදුරු වූ බහුතරයක්‌ කාන්තාවන් යන්ත්‍ර, මන්ත්‍ර බලය හුවා දක්‌වන මිථ්‍යා දෘෂ්ටිකයන් විසින් මුළා කර ගන්නා බවට තොරතුරු නිරතුරුව ලැබෙන බව ඇමැතිවරයා කියා සිටියි.

එවැනි මිථ්‍යා දෘෂ්ටිකයන්ගෙන් හිංසනවලට හා අතවරවලට කාන්තාවන් ගොදුරු වන බවද හෙතෙම සදහන් කරයි.
තම දුක්‌ගැනවිලි කියමින් පිහිටක්‌ පතා එන අසරණ කාන්තාවන් මුළා කරමින් මුදල් වංචා කරන සහ එම කාන්තාවන්ට හිංසන සිදු කරන මිථ්‍යාදෘෂ්ටිකයන් හඳුනාගැනීමටත්, ඔවුන්ගේ ක්‍රියාපිළිවෙත් පිළිබඳ සොයා බලා අසරණ වන කාන්තාවන්ට නීතිමය පිළිසරණක්‌ ලබාදීමටත් අවශ්‍ය කෙටුම්පත් සකසන බව ඇමැතිවරයා අවධාරණය කර සිටියි.
 
Related Posts with Thumbnails