Ads 468x60px

.

අට හැවිරිදි දැරියක් අමානුෂික ලෙස දූෂ්‍ය කොට කෙළෙසා ගෙල මිරිකා මරා දමයි

අට හැවිරිදි පාසල් දැරියක් කෙළෙසා ගෙල මිරිකා මරාදැමීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින චීවරධාරියකුට එරෙහි නඩුවේ තීන්දුව ලබාදීම කුරුණෑගල මහාධිකරණය විසින් කල් තබා තිබේ.මෙම නඩුවේ අවසන් දේශනය ඊයේ (01) කුරුණෑගල මහාධිකරණයේදී පැවැත්විණි.
පදවිය ශ‍්‍රී පුර ප‍්‍රදේශයේ චීවරධාරියකු මෙම නඩුවෙන් චෝදනා ලැබ සිටී.

වසර 2001 ජූලි මස 02 වැනි දින හෝ ඊට ආසන්න දිනයකදී බිංගිරිය මැඩිල්ලවත්තේ කනිටු විදුහලක අට හැවිරිදි දැරිය අමානුෂික ලෙස දූෂ්‍ය කොට ගෙල මිරිකා මරා දමා තිබිණි.

විත්තියේ සහ පැමිණිල්ලේ දේශන වලින් අනතුරුව විත්තිකූඩුවේ සිට පාපොච්චාරණයක් කළ විත්තිකරු තමා මෙම සිද්ධියට සම්බන්ධයක් නැති බවත් සිද්ධියවූ දිනයේ මා මැඩිල්ලවත්ත ඇළේ රෙදි සෝදමින් සිටියදී පොලීසියෙන් පැමිණ මාව පොලීසියට ගෙන ගොස් පහරදී බලහත්කාරයෙන් ලියවිල්ලකට අස්සන් ලබා ගත් බවත්, එම පොලිස් නිලධාරියාඅද ජීවතුන් අතර නැති බවත් කීය.සිද්ධියෙන් පසු විත්තිකරු සසර කලකිරී ගිහිගෙය අතහැර පැවිදිවී ඇති බැව් අධිකරණයේදී හෙළි විය.
 
Related Posts with Thumbnails