Ads 468x60px

.

සම්බාහන මධ්‍යස්ථාන වල ලක්ෂ ගණන් උපයන ගණිකා ජාවාරම් පොලිසිය දිගටම මෙහෙයුම්

බස්නාහිර පළාතේ පවත්වාගෙන යන ආයූර්වේද සම්බාහන මධ්‍යස්ථාන ගණනාවකට නියමිත බලපත්‍ර නොමැති බව අනාවරණය වී ඇත. ඇතැම් සම්බාහන මධ්‍යස්ථාන ආයූර්වේද ප්‍රතිකාර මුවාවෙන් ගණිකා ජාවාරම් සිදුකරන බවට තොරතුරු හෙළිවී තිබේ.

නියමිත ප්‍රමිතියට පවත්වාගෙන යන ආයූර්වේද සම්බාහන මධ්‍යස්ථාන ආයූර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය යුතු අතර ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ සහතිකය ද ඔවුන් සතුවිය යුතුය.මෙවැනි සම්බාහන මධ්‍යස්ථාන වටලා පරීක්ෂා කිරීමේ මෙහෙයුම් පොලිසිය දිගටම ක්‍රියාත්මක කරගෙන යන බව බස්නාහිර පළාතේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධරයකු සඳහන් කෙළේය.

ආයූර්වේද ප්‍රතිකාර මුවාවෙන් ගණිකා ජාවාරම් සිදුකළ පුද්ගලයන් සහ එහි නිරත වූ කතුන් රැසක් මේ වනවිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර නඩු පවරා ඇති බව ද එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධරයා සඳහන් කෙළේය.හතු පිපෙන්නාක් මෙන් බිහිවන ඇතැම් සම්බාහන මධ්‍යස්ථාන වල නියමිත පහසුකම් නැති බව ද සුදුසුකම් නොමැති ආයූර්වේද වෛද්‍යවරයයන් මේවායේ සේවය කරන බව ද අනාවරණය වී ඇත. පොලිස් ස්ථානවල බුද්ධි අංශ නිලධරයන් යොදා මේ සම්බාහන මධ්‍යස්ථානවල කටයුතු පිළිබඳව රහසේ සොයා බැලීමට කටයුතු යොදා තිබේ.
 
Related Posts with Thumbnails