Ads 468x60px

.

අසභ්‍ය චිත‍්‍රපටි වල රඟපාන්න මං බය නෑ - විද්‍යා

අසභ්‍ය චිත‍්‍රපටි වල රඟපාන නිළියක් ලෙස හංවඩු වීම පිළිබඳව තමා බිය නොවන බව සුපිරි බොලිවුඞ් නිළි විද්‍යා බාලන් පවසයි.දකුණු ඉන්දියවේ සරාගීත්වයේ සංකේතයක් ලෙස සැලකුනු විජේලක්‍ෂ්මී හෙවත් සිල්ක් ස්මිතා ගේ ජීවිත කතාව ඇසුරෙන් නිර්මාණය වූ "ඩර්ටි පික්චර්" චිත‍්‍රපටියේ ප‍්‍රධාන චරිතය වන ස්මිතාගේ චරිතය විද්‍යා විසින් නිරූපනය කරනු ලබයි.
මෙම චරිතය රඟපෑමෙන් අසභ්‍ය චිත‍්‍රපටි වල රඟපාන නිළියක් ලෙස තමා හංවඩු නොගැසෙන බව පවසන ඇය, එසේ වුවද තමා ඊට බිය නොවන බව පවසයි.

තමා සිල්ක් ස්මිතා ගේ චරිතයට පණපොවන නිළියක් බවත් මෙම චරිතය මගින් සිය රංගන කුසලාතවයන් ගේ නව පැතිකඩක් ‍ෙපන්වන බවත් වාර්තා වේ.

එක්තා කපූර්ගේ නිෂ්පාදනයෙන් නිපදවූ 'ඩර්ටි පික්චර්' චිත‍්‍රපටිය දෙසැම්බර් 02 දා ඉන්දියාවේ තරගතවිමට නියමිතය.
 
Related Posts with Thumbnails