Ads 468x60px

.

වාරියපොළ ලොරි දෙකේ අනතුරින් හයක් එක තැන මරුට

කුරුණෑගල – පුත්තලම ප්‍රධාන මාර්ගයේ වාරියපොළ පොලීසිය අසල දී ඊයේ (05) සවස ලොරි රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් කුඩා දැරියක් ඇතුළුව පුද්ගලයෝ හයදෙනෙක් මරණයට පත්වූහ. කුඩා ලොරියක් සහ විශාල ලොරියක් මෙසේ ගැටී ඇති අතර කුඩා ලොරියේ පැමිණි පිරිස අනතුරෙන් මරණයට පත්ව ඇත.


 ඔවුන් එකිනෙකාට ඥාතීන් වන අය බවත් වාර්තා වේ. මියගිය පිරිස ආනමඩුව ප්‍රදේශයේ පැවැති අවමංගල්‍යයකට සහභාගි වී ආපසු එමින් සිටියදී මේ අනතුරට ලක්ව ඇත. සිය නිවෙසට නුදුරු ස්ථානයකදී අනතුර සිදුව තිබේ.කාන්තාවන් තිදෙනකු, කුඩා දැරියක් සහ පිරිමි පුද්ගලයන් දෙදෙනකු සිද්ධියෙන් මෙලෙස මියගොස් ඇති අතර ඔවුන් වාරියපොළ මාස්පොත සහ භද්දුවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති. මියගොස් ඇත්තේ ඒ.එච්. සිරිසේන (46), ඒ.එච්. සෝමාවතී (45) , එන්. රන්මැණිකේ (80), සමන් සුරවීර (41), හේමන්ති අබේසිංහ (46) හා සිත්මී සුරවීර (2 1/2) යන අය බවද පොලිසිය කියයි.

අනතුරට පත් අනෙක් ලොරිය කුරුණෑගල සිට පුත්තලම බලා ධාවනය වෙමින් තිබී ඇත. අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. අනතුර සිදු වීමත් සමඟ වාරියපොළ පොලිසියේ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව තුවාලකරුවන් වාරියපොළ මූලික රෝහල වෙත ගෙනගොස් ඇතත් ඒ වන විට පුද්ගලයන් හයදෙනාම මියගොස් ඇති බව පැවසේ. අනතුරෙන් කුඩා ලොරි රථයේ ඉදිරි පස සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස් ඇතැයි පොලිසිය පවසයි. අනතුර සම්බන්ධයෙන් වාරියපොළ පොලීසිය පුළුල් පරීක්ෂණ පවත්වයි.



 
Related Posts with Thumbnails