Ads 468x60px

.

ඇපල් Iphone 4S නිකුත් කරයි.සභාපතිත්වය දැරූ ස්ටීව් ජොබ්ස් මහතා මෙලොවින් සමුගනී

ලොව ප්‍රකට සමාගමක් වන ඇපල් සමාගම සිය නවතම ඇපල් අයි ෆෝනය වෙලදපොලට නිකුත් කලා.Iphone 4s ලෙස නම් කර ඇති මෙය නවීන අංග උපාංග රාශියකින් යුක්ත වේ.තවද මෙය ඩුවල් කෝ චිපයකින්ද යුක්ත වේ.බොහෝ දෙනා බලාපොරොත්තුව සිටි පරිදි ඇපල් සමාගම විසින් අයි ෆෝන් 5 සංස්කරණය ඉදිරිපත්කරනවා වෙනුවට වැඩි දියුණු කල අංග සහිතව Iphone 4S සංස්කරණය නිකුත්කොට තිබෙනවා.


මෙය මෙම මස 14 වනදා සිට වෙළඳපලට නිකුත්කිරීමට සුදානම්කොට තිබෙනවා.Iphone 4 සංස්කරණයේ පෙනුමම මෙම නව සංස්කරණයටත් නැති අතර එය 16GB, 32GB හා 64GB යන මාදිලි වලින් කළු හා සුදු වර්ණ වලින් ලබාගත හැකිය.

මෙයට පෙර තිබු දුරකථන වල කටහඬ හදුනාගැනීමේ පහසුකම තිබුනත් ඒ අනුව තීරණ ගැනීමේ හැකියාව තිබුනේ නැහැ.නමුත් නව සංස්කරණය මගින් හදුන්වා දෙන "සිරි" මෘදුකාංගය මගින් ලබාදෙන වාචික උපදෙස් මත සංකීර්ණ තීරණ ගැනීමට පවා මෙම දුරකතනයට පුළුවන්.



ඩුවල් කෝ A5 ප්‍රොසෙසරය මෙතෙක් හදුන්වා දුන් වේගවත්ම ඇපල් ප්රෝසේසරයි.එමගින් වීඩියෝ ක්‍රීඩා කිරීමට වැඩි පහසුකමක් සලසා තිබෙනවා.





මෙගා පික්සල් 8 ක කැමරාවක් ඇති මෙම දුරකථනය මගින් 1080p HD ගුණත්වයෙන් යුතු වීඩියෝ ගැනීමට පුළුවන් 



අවශ්‍ය සියලුම මෘදුකාංග එකතුකොට අයි ක්ලවුඩ් නිර්මාණයකොට ඇත 



වැඩි වේගයකින් යුතුව අන්තර්ජාලයේ සැරිසැරීමට හැකියාව (UPTO 14.4 MBPS)


 

ලොව ප්‍රකටතම සමාගමක් වන ඇපල් සමාගමේ ආරම්භක සාමාජිකයෙකු මෙන්ම එහි සභාපතිත්වය දැරූ ස්ටීව් ජොබ්ස් මහතා පසුගිය 5වනදා මෙලොවින් සමුගත්තා. එතුමාගේ සේවය අගයමින් ඇපල් සමාගම සිය සංවේගය පුද කර සිටිනවා.56 වන වියෙහි පසු වූ ස්ට්වී ජොබ්ස් ජීවිතක්ෂයට පත්වී ඇති බව විදෙස් මාධ්‍යද වාර්තා කරනවා . ඇපල් සන්නාමය ලොවට හඳුන්වාදෙමින් දුරකථන ලෝකයට නව තාක්ෂණයක් හඳුන්වා දීමට මොහුට හැකිවිය. 2004 වසරේ සිට ස්ට්ව් ජොබ්ස් පිළිකා රෝගයකින් පෙළුණු බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඇපල් දුරකථන ජාලයට නව දුරකථන මාදිලියක් හඳුන්වා දී දිනයක් ඇතුළත මොහු මියයාම ද විශේෂත්වයක් වේ.

 
Related Posts with Thumbnails