Ads 468x60px

.

ළමයින් සඳහා ලොව විශාලතම රෝහල ගොඩනැගීමට ගිය මයිකල් ජැක්සන්ගේ සැලසුම් අධිකරණයේදී හෙළිවේ.

සිය අවසාන සංගීත ප‍්‍රසංග චාරිකාවෙන් උපයන මුදලින් ළමයින් සඳහා ලොව විශාලතම රෝහල ගොඩනැගීමට සුපිරි පොප් ගායක මයිකල් ජැක්සන් සැලසුම් කර තිබූ බව ලොස් ඇන්ජලීස් අධිකරණයේදී ඊයේ (05) හෙළිදරව් වුණා. වයස අවුරුදු 50 ක්ව සිටියදී හදිසියේ මියගිය මයිකල් ජැක්සන්ගේ මරණයට ඔහුගේ වෛද්‍ය කොන්රාඞ් මරේ වගකිව යුතු බවටයි අධිකරණයේදී චෝදනා එල්ල වූයේ.


ඔහුගේ මරණයට ආසන්නතම හේතුව ලෙස සැලකෙන්නේ ශල්‍ය කර්මවලදී නිර්වින්දන සඳහා යොදා ගැනෙන ඖෂධයක් එන්නත් කරගැනීමයි. එම එන්නත වෛද්‍ය මරේගේ පෙම්වතියගේ නිවහනේ තිබී හමුවූ බවත් අධිකරණයට වාර්තා වී තිබෙනවා. මයිකල් ජැක්සන් ලොවපුරා දරුවන් වෙනුවෙන් දැක්වූ ආදරයත්, ඔවුන් වෙනුවෙන් සිදුකිරීමට බලාපොරොත්තු වූ දෑ පිළිබඳවත් හෙළිවූයේ සුපිරි ගායකයා ඔහුගේ වෛද්‍ය කොන්රාඞ් මරේ වෙත කළ ප‍්‍රකාශයක පටිගත කිරීම ඊයේ අධිකරණය වෙත ඉදිරිපත් කළ විටයි.

තමාට අහිමි වූ ළමාවිය වත්මන් ලෝකයේ දරුවන් වෙත ලබාදීම තම අපේක්‍ෂාව බව මයිකල් ජැක්සන් එලෙස ප‍්‍රකාශ කර ඇත්තේ මිය යාමට සති කිහිපයකට පෙරයි.
 
Related Posts with Thumbnails