Ads 468x60px

.

යමක් කරවා ගැනීමට සුදුසුම තැන ‘ස්ටාර් ඩස්ට්’

ශ‍්‍රී ලංකාවේ අලූතෙන් තේරීපත්වූ නගරාධිපතිවරුන්ගේ සංගමයේ සභාපතිකම සඳහා ‘ස්ටාර් ඩස්ට්’ කැෂිනෝ සමාජ ශාලාව අයත් රවී විජේරත්න මහතා ඒකඡන්දයෙන් පත්වී ඇති බව වාර්තාවේ.මෙසේ සභාපතිකමට පත් වූ රවී විජේරත්න ඡන්දයෙන් තේරීපත් වූ අයකු නොවන අතර ඔහුට ඇති එකම බලය ‘ස්ටාර් ඩස්ට්’ කැෂිනෝ සමාජ ශාලාවේ හිමිකාරිත්වයයි.


පසුගිය පලාත් පාලන මැතිවරණයෙන් තේරී පත් වූ සෑම නගරාධිපතිවරයකු පාහේම ‘ස්ටාර් ඩස්ට්’ කැෂිනෝහි යාවජීව සාමාජිකයන්වන අතර ඔවුන් තම දේශපාලන පක්‍ෂ නායකයින්ට වඩා රවී විජේරත්න මහතාට ගෞරවයෙන් සලකනු ලබයි. කොළඹ නගරාධිපති ඒ.ජේ.එම්. මුසාම්මිල්, දෙහිවල ගල්කිස්ස නගරාධිපති ධනසිරි අමරතුංග, හම්බන්තොට නගරාධිපති එරාජ් රවින්ද්‍ර ප‍්‍රනාන්දු මේ අතරින් ප‍්‍රමුඛයන් වෙති.

හම්බන්තොට නගරාධිපති එරාජ් රවින්ද්‍ර ප‍්‍රනාන්දුගේ කොළඹ නවාතැන වන්නේ ‘ස්ටාර් ඩස්ට්’ කැෂිනෝ ශාලාවයි. ඔහු පසුගියදා හම්බන්තොට පැවැති නව නගරාධිපති පිළිගැනීමේ උළෙලට ගොස් ඇත්තේ ‘ස්ටාර් ඩස්ට්’ කැෂිනෝ ශාලාවේ මුළු රැයපුරා කැෂිනෝ ක‍්‍රීඩාකරමින් සිට වැල්ලවත්තේ සුප‍්‍රසිද්ධ සම්බාහන ආයතනයක් පවත්වාගෙන යන ‘බඩුලොක්කා’ මහතා විසින් සපයා දෙන ලද ටූත් පේස්ට්, දත් බුරුසු, රේසර් සහ සරම් තොගයක් රැගෙන අතරමග තිබූ තානායමකට ගොඩ වී හැඩවැඩ වීමෙනි. නව නගරාධිපතිවරුගේ තත්ත්වය මෙයවන බැවින් ඔවුන් ලවා යම් දෙයක් කරවා ගැනීමට නම් සුදුසුම පුද්ගලයා ‘ස්ටාර් ඩස්ට්’ රවී විජේරත්න බව කොළඹ ව්‍යාපාරිකයන්ගේ මතයයි.
 
Related Posts with Thumbnails