Ads 468x60px

.

ෆේස්බුක් මුරපද 45,000 ක් සොරකම් කරලා

පරිඝණක වෛරසයක් විසින් ජනපි‍්‍රය සමාජ ජාල වෙබ් අඩවියක් වන ෆේස්බුක් සාමාජිකයන්ගේ මුරපද 45,000 ක් සොරකම් කර ඇතැයි වාර්තා වේ. රැම්නිට් නම් කම්පියුටර් වර්ම් වර්ගයේ පරිඝණක වෛරසයක් මේ ආකාරයෙන් මුරපද සොරකම් කර ඇති බව පරිගණක ආරක්‍ෂාව පිළිබඳ සමාගමක් වන සෙකියුලර්ට් නම් සමාගම පවසන බව බීබීසී පුවත් සේවය වාර්තා කරයි.

සොරකම් කරන ලද මුරපද බහුතරයක් බි‍්‍රතාන්‍යයේ හා ප‍්‍රංශයේ ෆේස්බුක් සාමාජිකයන් ගේ බවද එම සමාගම වැඩිදුරටත් පවසා ඇත.රැම්නිට් ආධාරයෙන් සොරාගත් මුරපද යොදාගෙන නීතිවිරෝධී ලෙස ෆේස්බුක් ගිණුම් වලට ඇතුළත් වන සයිබර් ප‍්‍රහාරකයන් විසින් මෙම ගිණුම් අයිතිකරුවන්ගේ යහළුයෙහෙළියන්ටඅනාරක්‍ෂිත වෙබ් පිවිසුම් යැවීමට කටයුතු කරනු ඇතැයි සෙකියුලර්ට් සමාගම සැක කරයි.මීට කලින් ද, සයිබර් ප‍්‍රහාරකයන් විසින් රැම්නිට් යොදාගෙන බැංකු දත්ත සොරකම් කර ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.
මේ පිළිබඳව සොයාබලන බව ෆේස්බුක් සමාගම පැවසූ බව බීබීසී පුවත් සේවය වැඩිදුරටත් සඳහන් කරයි.
 
Related Posts with Thumbnails