Ads 468x60px

.

කිසිදු ගාස්තුවක් අය නොකර කල අරුම පුදුම සැත්කම


31වන වියේ පසුවන අදාළ පුද්ගලයාගේ දකුණු පාදය පුරා මේ ගෙඩිය විහිදී තිබූ අතර කිලෝග්‍රෑම් 90ක පමණ බරින් යුත් එය ඔහුගේ දේහයේ සෙසු කොටස් තරම්ම විශාල වූවකි.වියට්නාම ජාතිකයෙකුගේ වු පාදයක  දැවැන්ත ගෙඩියක් වු මෙය ශල්‍යකර්මයකින් ඉවත් කිරීමට ජාත්‍යන්තර වෛද්‍ය කණ්ඩායමක් සමත්ව සිටී.



එම පුද්ගලයාගේ ඥාතීන් පවසන්නේ ඔහු සිය ජීවිත කාලයෙන් වැඩි කොටසක් මේ ගෙඩිය හේතුවෙන් පීඩා විඳි බවය.ඔහුට වයස අවුරුදු 4දී පමණ හටගත් එය අදාළ තැනැත්තා 17වන වියට පැමිණෙන විට ඇවිදීමට නොහැකි තරම් විශාල වී තිබුණි.අමෙරිකානු ශල්‍ය වෛද්‍යවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් හොචි මිංහි රෝහලකදී පැය 12ක් තිස්සේ සැත්කම සිදුකර තිබේ.

විශේෂත්වය වන්නේ ප්‍රධාන වෛද්‍යවරයා මේ සදහා කිසිදු ගාස්තුවක් අය නොකිරීම සහ සමස්ථ සැත්කම ආධාර මුදල් මත සිදු කිරිමය.මෙහි ප්‍රධාන ශල්‍ය වෛද්‍යවරයා මීට පෙර රුමේනියානු කාන්තාවකගේ සිරුරේ වූ කිලෝග්‍රෑම් 80ක පමණ බරකින් යුතු ගෙඩියක් ඉවත් කර තිබුණි.




 
Related Posts with Thumbnails